
දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන හම්සා සහ සුලෙමාන් නිදොස් කොට නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයක් තීන්දු කළේය.
ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක් මුදල් විශුද්ධිකරණය කළේ යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ පුතුන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබුණේ පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියයි. ඒ, 2020 වසරේදීය. එවකට පැවැතියේ ඉම්රාන් ඛාන් පරිපාලනයයි. අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ දෙවැනි පුතු සුලෙමාන් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වෙයි.
පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය, 2020 නොවැම්බරයේ ෂෙහ්බාස් ෂරීෆ් සහ පුතුන්ට චෝදනා ගොනු කළේ ඔවුන්ගේ බැංකු ගිනුම් 28 ක් හරහා රුපියල් බිලියන 16.3 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක් පමණ) විශුද්ධිකරණය කළ බව පෙන්වා දෙමිනි. 2008 සිට 2018 තෙක් එම ගිණුම් පවත්වාගෙන ගොස් ඇතැයි ද පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය පවසා තිබුණි.
දූෂණ චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වෙද්දී, ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තාන විපක්ෂ නායක ධුරය හෙබවීය. හම්සා ෂරීෆ් පාකිස්තානයේ පන්ජාබ් පළාතේ හිටපු මහ ඇමැතිවරයා ලෙස කටයුතු කරන්න විය.
විපක්ෂ නායක ලෙස කටයුතු කරමින් සිටි ෂෙහ්බාස් ෂරීෆ් ට පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ, පසුගිය අප්‍රේල් මාසයේ දී විපක්ෂ සන්ධානය ගෙනා විශ්වාසභංගයෙන් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමත් සමගය.
එල්ල වී තිබූ සියලු චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුත්‍රයා හම්සා නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ ලාහෝර් නුවර විශේෂ අධිකරය මගිනි. අග්‍රාමාත්‍යවරයා හෝ පුත්‍රයා හෝ එම අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
එසේ වුවත්, පසුගිය 8 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී 70 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා සහ 47 හැවිරිදි හම්සා ලාහෝර් අධිකරණය හමුවේ පෙනී සිටියහ. එම අවස්ථාවේදී ද එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කිරීමට අග්‍රාමාත්‍යවරයාත්, පුත්‍රයාත් කටයුතු කළහ. තමන් එක් පාකිස්තාන රුපියලක් වංචා කර නැතැයි ෂෙහ්බාස් ෂරීෆ් අධිකරණය හමුවේ අවධාරණය කළේය. ලාහෝර් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ පවා අග්‍රාමාත්‍යවරයාටත් පුතුන් දෙදෙනාටත් පෙර ඇප හිමි වී තිබුණි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන අගමැති චෝදනාවලින් නිදොස් කොට නිදහස්
තිලිණි ප්‍රියමාලි Thursday, 13 October 2022 09:44 AM
එහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි
fairoos Thursday, 13 October 2022 12:56 PM
ලංකාවෙ වගේමමයි බලයට ආවට පස්සෙ නඩුවලින් නිදහස්
බී අමරසිංහ Thursday, 13 October 2022 03:20 PM
එක දවසක්වත් දෙන්නම උසාවි ඇවිත් නෑ. ඇපත් ලැබිලා. හැබැයි තීන්දුව දෙන දවසේ ඇවිල්ලා. තීන්දුව ගැන ඒ තරම් විශ්වාසයක් තිබිලා තියෙනවා
Kumar (Gulf) Friday, 14 October 2022 01:24 AM
පාකිස්තානය, ශ්‍රී ලංකාවේ විශේෂඥයන්ගෙන් ඉගෙන ගත්තා.