IMG-LOGO

පක්ෂයේ දෙවැනියා පක්ෂ මහා ලේකම්

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ මැයි දින රැලියේ කථික ලැයිස්තුව සකස් කළේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම ඇතිව මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා බැවින්, තමන්ට ඒ පිළිබඳ චෝදනා නැගීමෙන් පලක් නොමැති බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මහනුවර සිට පැවැති දින හයක පා ගමන සහ මැයි දින රැලිය තම ශ්‍රමය, ධනය වැය කර සිදු කර තිබියදී තමන්ට එරෙහිව පරීක්ෂණ තැබීමට යෝජනා කරන සරත් ෆොන්සේකා මහතාගේ මනස පරීක්ෂා කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ දෙවැනියා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා බැවින්, ඒ බව නොදැන තමන් පක්ෂයේ දෙවැනියා යැයි සිතා ගනිමින් සරත් ෆොන්සේකා කටයුතු කිරීම පිළිබඳ කනගාටු වන බව ද හරීන් ප්‍රනාන්දු මහතා කීවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2) පැවැති පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ද සරත් ෆොන්සේකා මහතාට පක්ෂ සාමාජිකයන්ගේ දැඩි විරෝධය හිමි වූ බවත් ඔහු පැවැසීය.

එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තමාගෙන් පෞද්ගලිකවම සමාව ඉල්ලා සිටි බවත්, ෆොන්සේකා මහතා සිදු කළ දේ අනුමත නොකළ බවත් ඔහු කීවේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැමිණ නොසිටි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 



අදහස් (1)

පක්ෂයේ දෙවැනියා පක්ෂ මහා ලේකම්

Heena Tuesday, 03 May 2022 01:12 PM

ඔබතුමාලා දැන්ම තැන ගන්න පොරකනවා. තව කොහෙද බලයක් ලැබුනොත්. රට කරන්න බලාපොරොත්තුවෙන පක්ෂයක් අනිත් අයට ආදර්ශමත් වෙන්න එපෙයි. කව්රුත්ම රටට ආදරේට නෙමෙඉ ඔය පොරකන්නේ මෙච්චර කලුත් කලේ ඕකමනේ.225ම එපා කියන්නේ ඔන්න ඔය හේතුව නිසයි. හරීන් නම් කොහොමත් වැදගත් කතාවක් ඇති පුද්ගලයෙක් නෙමෙයිනේ. වාචාල කතාමනේ කියවන්නේ. ෆොන්සේකා මහත්තයා ඔතනින් අයින් වෙනවනම් හොඳයි. මොකද ඔබතුමාත් නිකන් ඒ ගෝල්ලන්ගේ ගොඩට වැටිලා නිකන් සෞත්තු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 175 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1070 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site