(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් වහාම කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
මේ අවස්ථාවේදී අප කළ යුත්තේ එක එක්කෙනාගේ වැරදි සොයනවාට වඩා තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීම යැයි පැවසූ හිටපු ජනපතිවරයා ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවක සියලු දෙනා පක්ෂ පාට බේද අමතක කර එකාවන්ව ඒකරාශි විය යුතු බවද සඳහන් කළේය.
රට අද මුහුණ දී සිටින්නේ මුළු ලෝකයම බලාපොරොත්තු නොවූ ව්‍යසනයකට යැයිද හෙතෙම පැවසුවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මීට වඩා උදව් මෙරටට ලබා ගත හැකි බවත් මුළු ලෝකයේම නායකයන් මේ ව්‍යසනයෙන් අද කම්පනයට පත්ව සිටින බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළේය .
සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දී සිටින තත්වයක් නොවේ යැයි කී හෙතෙම ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟයට මුහුණදී ඇතැයිද කීවේය.
මේ තත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකාවන්ව අධිෂ්ඨාන කරගත යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් දැන් නින්දෙන් දොඩවනවා වගේ... පාස්කු සංහාරයට අහුවෙයි කියන බයට වෙනත් දේවල් ගැන බොරු ටෝක් දානවා.
ඔවුනුත් ඉතින් මාටියා ගහන්න ඇරෙන්න වෙන දන්න දෙයක් නැහැනේ...
මෙන්න මේ හිටන් ඇවිල්ලා විකාර දොඩවනවා.. අපි සිරිසේන දීලා නන්දසේන ගෙනාවේ...
සිරිසේන හිටපු ජනපතිතුමා නැති අඩුව දැන් හොඳින්ම දැනෙනවා...
රටක් හැටියට මේ උවදුරින් ගැලවීමට සියලු දෙනාම එකතුවී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න.
සිරිසේන විකාර දෙඩුවත් මේ අවස්ථාවේ සිරිසේන ජනාධිපති වෙලා හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මොනවා නැති වුණත් සිරිසේන දේශපාලන පලපුරුද්දෙක්... හදිසියට ජාතිය අමතලා රූපවාහිනියේ කතාවක් හරි කරගන්න පුළුවන්කම තිබුණා. නන්දසේනට මේ දෙකම නෑ.
නන්දසේන දන්නේ තමුන් නොදන්න සෞඛ්‍යයේ විශේෂඥයින්ට උපදෙස් දෙන්න. ඒක හැමෝටම කරන්න බෑ...