
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී කිව්වා. විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව කරන්න සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රඹුක්කන ඇතිවූ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
"විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කීප දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ මණ්ඩලයක් අපට අවශ්‍යයි. එසේ නැතිව නොයෙක් පොලිසි වලට පරීක්ෂණ කරන්න කියා වැඩක් නැහැ.මේ ආණ්ඩුවට තිබෙන්නේ වැලිකඩ සිරකරුවන් ඝාතනය කළ ඉතිහාසයක්.එදා හමුදා බස් රථයටත් ගිනි තැබුවේ ආණ්ඩුවේ නියෝජිතයන්.වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ වගකීම අප බාරගන්නවා.යනුවෙන්ද සජිත් පේමදාස මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණ කරන අයට දෙන දඬුවම් ගැන සජිත්ට කතා කරන්න බැහැ.
මෙයා සැලසුම් කරනවා ඇති ඉන්න ජනාධිපතිතුමා එළවලා එයා එතැනට එන්න. එහෙම නම් මාරෙටම තියෙයි අපේ රට. නිකම් නාටක මාරයි නමය හමාරයි වගේ...
ගෝඨා ගෝ හෝම් වගේම සජිත් ස්ටේ හෝම් කියලා තමයි කියන්නේ. මේ වෙන ජීවිතහානි වගේම, මිනිස්සු විඳින දුක් කන්දරාවටත් ඔය කොයි අප්පුහාමිලත් වග කියන්න ඕනෑ. දැන් බෙරිහන් දෙයි ටික දවසක්. එතැනින් එහාදෙයක් නෑ. කිවයුත්තේ රටේ මීළඟ පාලකයා ඔයාවත්, ඔයාගේ ඔය සුජාත යයි කියන සෙට් එකවත් නොවේ...
විපක්ෂයේ පක්ෂ නායකයින් ආයේ අලුතින් කියන එකක් නැහැ. රටේම මිනිස්සු පාරට බැහැලා කියන්නේ ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ කියලා. ඒක නොතේරෙන්න මෙයා පොඩි බබෙක් නෙවෙයිනේ...
ඔය කවුරු මොනවා කිව්වත් බහිරවයින්ව දුම්මල ගහලාවත් එලවගන්න බැහැ කියල තමයි මම අහලා තියෙන්නේ... මනුස්සයින්ගේ රීරි මාංශ උරා බීලා තමයි ඔය කට්ටිය මේ ලෝකෙන් චුතවෙන්නේ...!