(සුජිත් හේවාජුලිගේ )
රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(11) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
මේ අතර රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂද අද දිනයේ විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාරකාර රජය මාස 6 කොට, එම රජයේ පොහොට්ටුවන් හැර 10ක් පමණ ඇමැති මණ්ඩලයක් හදන්න... එයට කප්පම් මාරයින් ගන්න එපා. සරත් ෆොන්සේකා, හර්ෂ, අනුර කුමාර, චම්පික රණවක, විජිත හේරත්, වගේ අය අනිවාර්යෙන්ම ඇතුළත් කරන්න. මාස 6න් පසු මැතිවරණයක් තියන්න. මැතිවරණයට වියදම් සීමාකරන්න..