(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව(පක්ෂ නායක රැස්වීම) මින් ඉදිරියට පාර්ලිමේන්තුව කැඳවෙන සතියේ සෑම අඟහරුවාදා දිනකම රැස්වීමට තීරණය කර ඇත.
ඉන්ධන පාවිච්චි අඩු කිරීම, පක්ෂ නායකයන්ට ඊට සහභාගිවීමේ පහසුව සහ අනෙකුත් වියදම් අඩු කිරීම යනාදී කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මින් පෙර රැස්වූයේ පාර්ලිමේන්තුව රැස් නොවන සතියේ දිනයකය.
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කිරීම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට පැවරෙන ප්‍රධාන වගකීම වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ කරන්න එපා අප්පා. අර හෙළිකොප්ටර් වලින් යන ගමන් අඩු කරන්න කියන්නකෝ... ඒවාට කරන මුදල් නාස්තිය කෝටි ගණන්...