IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පී.සී. බීමතින් ජිප් එක ධාවනය කර අනතුරක් කරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කල්කුඩා පොලිසියට අයත් ජිප් රථය බීමතින් ධාවනය කර වාලච්චේන ධීවර වරාය ආසන්නයේදී නිවසක තාප්පයක සහ එම නිවස ඉදිරිපිට නතර කර තිබූ වෑන් රථයක හප්පා අනතුරක් කළ බව කියන පොලිස් කොස්තාපල් රියදුරයකු වාලච්චේන පොලිසිය විසින්සැකපිට අත්අඩංගුවට ඇත.

මෙම අනතුරින් පොලිස් ජිප් රථයට ද දැඩි ලෙස හානි සිදුවී ඇතැයි වාලච්චේන පොලිසිය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කොස්තාපල් රියදුරාට බීමත්කම නිසා ජිප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී තිබෙන බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල් රියදුරා වාලච්චේන රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛද්‍යවරයා ඔහු පරීක්ෂාකර බලා බීමත්ව සිටින බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබෙන බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

 



අදහස් (0)

පී.සී. බීමතින් ජිප් එක ධාවනය කර අනතුරක් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site