(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක  ද සිල්වා)

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන ගාල්ලේ පදිංචි නාවික සෙබළුන් 8 දෙනෙකුගේ සහ එයින් එක් සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු සම්බන්ධයෙන් ඊයේ (25) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසීය.

මෙයින් තිදෙනෙක් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචිකරුවන් වන අතර සෙසු පිරිස වෙනත් ප්‍රදේශවල අයවෙති. මොවුන් සියළුම දෙනා සිය කැමැත්තෙන්ම මෙම පරීක්ෂණය සඳහා ඉදිරිපත්වී තිබේ.

මෙම සෙබළුන් පිරිසත්  සමඟ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු නිවාඩු ලබාගෙන සිය නිවෙස් වලට පැමිණ ස්වයං නිරෝධානයට ලක්ව සිටින ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි සෙබළුන්  පිරිසෙන් මේ වනවිට 16 දෙදෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක්කර ඇති අතර ඔවුන් කිසිවෙකුත් නව කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වී තිබේ.