
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 69 හැවිදිදි පුද්ගලයෙකි.
පානදුර ඩිපෝවට අයත් බස් රථය පානදුර සිට මහනුවර දක්වා කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ කොස්වත්ත දෙසට ධාවනය වීමේදී එම මං සන්ධිය ආසන්නයේදී බස් රථයේ පිටුපස පාපූරුවේ සිටි කොන්දොස්තරවරයා සහ මගියෙකු ඉවතට විසි වී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුරින් බරපතල තුවාල ලද ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී කොන්දොස්තරවරයා මියගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පානදුර ඩිපෝවත් හරියට තිබුණ පාර්ලිමේන්තුවේ වගේ අවුරුදු හැට නවයක් වෙලත් කොන්දොස්තර සේවයේ තියාගෙන ඉඳලා...
වයස 20-25 ක ඉලන්දාරියෙක් වගේ, බස් රථයේ පාපුවරුවේ ගමන්කර, ඉන් වැටුණු, 69 වියේ පසුවූ මෙම සීයාගේ අකල් මරණය පිළිබඳව අප ඇත්තටම කණගාටු වෙනවා. මෙය රියැදුරුගේ වරදින් සිදුවූවක්ද කියා පරීක්ෂණයක් ආරම්භ කළයුතු වෙනවා. මලගිය ඇත්තන්ගේ පවුලට සාධාරණයක් ඉටුවිය යුතු වෙනවා!!!
නිවන් සුව....