(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පසුගිය දිනක එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලූ ආණ්ඩුකාරවරයා, ගොඩනැගිල්ලේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කර ගනිමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කළේය.
මේ වන විට නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිකිරීම් අංශයක් වෙත භාර දී ඇති අතර, එහි වහලයේ ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන බව තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති එන්.එම්.එස්. වීරසිංහ මහතා සඳහන් කළේය.
නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි මෙම තැපැල් කාර්යාලය ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් සහිත ප්‍රකට ගොඩනැගිල්ලක් වන අතර, 1894 වසරේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස සැලකේ. Tudor ගෘහ නිර්මාණ ශෛලියේ ලක්ෂණවලින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඔරලෝසු කුළුණ එහි සුවිශේෂී ගෘහ නිර්මාණ ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය.
නුවරඑළිය නගරයේ ඉතිහාසය මෙන්ම බ්‍රිතාන්‍ය යුගයේ ගෘහ නිර්මාණ උරුමයද නිරූපණය කරන මෙම ගොඩනැගිල්ල, දේශීය ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලන තැපැල් සේවා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම නුවරඑළියට පැමිණෙන සංචාරකයින්ගේ අවධානය දිනාගත් ඓතිහාසික ස්ථානයක් ලෙසද වැදගත් වේ.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ නුවරඑළිය මහා නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd