
(විමුක්ති එස් රුද්‍රිගු)
අවසර නොලත් නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදී අවහිර කළ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එම වෙබ් අඩවි 24 වලංගු බලපත්‍රයක් නොගෙන නීති විරෝධී ලෙස සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් එම වෙබි අඩවිවලට ප්රවේශවීම අවහිර කළ බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.
මෙම පියවර ගෙන ඇත්තේ මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් "2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ" විධිවිධාන හා බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත කරනලද දැනුම් දීමක් මත බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව එම වෙබ් අඩවි 24 සඳහා ශ්‍රී ලාංකිකයන් ප්රවේශවීම අවහිර කිරීම සඳහා මෙරට විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවශ්‍ය උපදෙස් නිකුත් කරනු ඇති බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍රයක් ලබා නොගෙන ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ එවැනි සේවා ප්‍රවර්ධනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙවැනි නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි භාවිත කිරීමෙන් සහ ඒවාට මුදල් යෙදවීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.
තහනම් කරන ලද වෙබ් අඩවි 24 වන්නේ betway.com/en-lk, 22bet.com, melbet.com, unibet.com, betfair.com, dafabet.com, bet365.com, 1win.com spinbetter.com, 10cric.com, bc.game, megapari.com, pin-up.bet, stake.com, mostbet.com, parimatch.com, betwinner.com linebet.com, 4rabet.com, rajabets.com, dbbet.com, coldbet.com, WinWin ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd