(සුජිත් හේවාජුලිගේ )
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය සේවා ගාස්තු කලට වේලාවට සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන්රුපියල් කෝටි 19 කට ආසන්න ආදායමක් පසුගිය 2021 වර්ෂයේදී අහිමිව ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙසේ අහිමිව ඇත්තේ ඖෂධ,වෛද්‍ය උපකරණ සහ වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් ලියාපදිංචි සහතික නිකුත් කිරීම,බලපත්‍ර ලබාදීම, ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය, ඇසුරුම් කිරීම සඳහා අනුමැතිය,නියෝජිත ආයතන පැවරීම සඳහා අනුමැතිය,පරීක්ෂණ පැවැත්වීම සහ සපයනු ලබන අනෙකුත් සේවාවන් වෙනුවෙන් අය කෙරෙන ගාස්තුවලින් කොටසක් බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම සේවා වෙනුවෙන් අය කෙරෙන ගාස්තු අවසන් වරට සංශෝධනය කර තිබුණේ 2018 වර්ෂයේ ජනවාරි 5 වැනිදා බවත් 2021 වර්ෂයේදී ගාස්තු සමාලෝචනය කර අදාළ සංශෝධන භාණ්ඩාගාර අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වුවත් අධිකාරියේ බලධාරීන් ඒ අනුව කටයුතු කර නොතිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර නිලධාරීන්ගේ අතපසුවීම් හා වෙනත් විවිධ ගැටළු හේතුවෙන් 2021 වර්ෂයේ අවස්ථා 18 කදී ලක්ෂ දහ දහයකට වැඩි ආදායමක් විවිධ ආයතන වලට ආපසු ගෙවා තිබූ බව වාර්තාවේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොසැලකිල්ල නියාමනයේ කෝටි 19ක් කා දමයි
Perakum Tuesday, 29 August 2023 04:46 AM
වාර්තා විතරයි වැඩ නෑ. පුලුවන්නම් කරල පෙන්නන්න.