(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 නොවැම්බර් මාසයේදී 42.1 අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙම පසුබෑම සඳහා ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය හැර අනෙකුත් සියලුම උප දර්ශකයන්ගේ පහත වැටීම හේතු වී ඇත.
නව ඇණවුම් සහ නිෂ්පාදන නොවැම්බර් මාසයේදී ද පහත වැටුණු අතර මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් ආහාර හා පාන නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සඳහා වන ඉල්ලුම පහළ යාම හේතු වී තිබේ.
සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති 47.9 සිට නොවැම්බර් මාසයේදී දර්ශකංකා 49 ක් දක්වා ඉහළ ගියද, කඩ ඉම් මට්ටමට වඩා තරමක් පහළින් පැවතුනි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.