(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 නොවැම්බර් මාසයේදී 42.1 අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙම පසුබෑම සඳහා ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය හැර අනෙකුත් සියලුම උප දර්ශකයන්ගේ පහත වැටීම හේතු වී ඇත.
නව ඇණවුම් සහ නිෂ්පාදන නොවැම්බර් මාසයේදී ද පහත වැටුණු අතර මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් ආහාර හා පාන නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සඳහා වන ඉල්ලුම පහළ යාම හේතු වී තිබේ.
සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති 47.9 සිට නොවැම්බර් මාසයේදී දර්ශකංකා 49 ක් දක්වා ඉහළ ගියද, කඩ ඉම් මට්ටමට වඩා තරමක් පහළින් පැවතුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට ප්‍රධානම හේතුව තමයි දේශීය නිෂ්පාදිත අමුද්‍රව්‍ය භාවිතයට නොගැනීම. ආනයනික මූලද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කළ නිමි නිෂ්පාදන අපනයනය...
ඒ වුණාට රජය කරන්නේ රජයේ රස්සා කරන පින්බත් ගිලින්නන්ගේ, ගිලින්නියන්ගේ පඩි ගෙවන්න ලංකාවේ පෞද්ගලික සේවා අංශයේ රැකියා කරන මිනිස්සුන්ගෙන් අසාධාරණ විදිහට ආදායම් බදුගහලා මුදල් සූරාකන එක ලංකාවේ සමාජයෙන්ම මිනිස්සු දිරිමත් කරන්නේ නිකං ඉඳගෙන පිනට කන්නද? ඇයි මේ කාලකන්නි රාජ්‍ය සේවක සේවිකාවන් යවන්න බැරි? මොවුන්ට හිතට එකඟව වැටුපක් ගතහැකිද?