IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නිශාන්තගේ V8 ජිප් රියට ගල් ගැසූවන් අල්ලන්න

(නිමන්ති රණසිංහ)

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැමිණී ජලසම්පාදන ව්‍යාපෘති අමාත්‍යාංශයට අයත් වී 8 වර්ගයේ ජීප් රථයට කොළඹදී ඉකුත් 09 වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලදී ගල් ගසා හානි කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා කුරුදුවත්ත පොලීසියට අද (30) නියෝග කළේය.

අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටිමින් මෙම රථයට හානි කළ අදාළ සැකකරුවන් සී සී ටී වී කැමරා දර්ශන පරිශීලනය කිරීමෙන් පසු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා කුරුදුවත්ත පොලීසිය නියෝග නියෝග කළේය.

මෙම ප්‍රහාරයෙන් හානි වූ පී 70700 දරන වී 8 වර්ගයේ අදාළ ජීප් රථය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියට ගොස් පරීක්ෂාකර බලා එහි රස පරීක්ෂක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට ද නියෝගයක් නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ජිත් සහ පොලිස් සැරයන් සමන්ත යන නිලධාරින් සමග අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට සහභාගී වීමෙන් පසු මෙම රථය නැවත අමාත්‍යාංශය වෙත රැගෙන යමින් සිටියදී කාළඹ පුස්තකාල වටරවුමේදී මෙසේ ප්‍රහාරයට ලක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුද්ගලික රියැදුරු නලින් පුෂ්පකුමා මහතා ඉකුත් 24 වැනිදා පැමිණීල්ලක් ඉදිරිපත් කළ බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කුරුදුවත්ත පොලීසියට නියම කළේය.



අදහස් (1)

නිශාන්තගේ V8 ජිප් රියට ගල් ගැසූවන් අල්ලන්න

Upali Ratnayake Tuesday, 31 May 2022 05:18 PM

ඔව්, පොදු හෝ පෞද්ගලික දේපළ විනාශ කරන කවුරුන් හෝ අල්ලා ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 503 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site