(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රාජ්‍ය ආයතනයක සභාපති තනතුරක් දරන වෛද්‍යවරයකුගේ නිවස ඇතුළු නිවාස 14 බිඳ රුපියල් ලක්ෂ 50 අධික වටිනා දේපළ සොරාගත් තරුණයකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

මෙම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගෙන තිබූ රන් භාණ්ඩ, ජංගම දුරකථන, ලැප්ටොප් ,විදේශ රටවලින් ගෙන්වන ලද ලක්ෂ ගණනාවක් වටිනා අත් ඔරලෝසු,විදේශීය මුදල් ආදීය සහ නිවෙස් බිඳුම් සිදු කිරීම සඳහාම සකස් කරගෙන තිබූ ඉස්කුරුප්පු නියන් කිහිපයක්ද පොලිසිය මඟින් සොයාගෙන ඇත

මාලබේ රොබට් ගුණවර්ධන මාවත පදිංචි අදාල සභාපතිවරයාගේ දෙමහල් නිවසට ඇතුළු වී නිවස තුළ තිබූ ලක්ෂ තුනක් පමණ වටිනා ජංගම දුරකථනය සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් සිටියදී පොලිස් සැරයන් 16053 අතුල නිලධාරියාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි