(සුජිත් හේවාජුලිගේ)
දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මකවන කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය මුළු දිවයින පුරා ආරම්භ කිරීම පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මේ වැඩපිළිවෙළ යටතේ කොවිඩ් රෝගීන් දාහතර දහසක් (14,000) වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් ගතව ප්‍රතිකාර ලබන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන රෝගීන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවෙස්වල රඳවා කරන ප්‍රතිකාර ගැන නම් කෙසේ වෙතත්, මිනිසුන් වෙන කළහැකි දෙයක් නොහැකි වූ විට, වෙන දෙයක් වුනාවේ කියා ගෙදරම ඉන්නවා. මනුස්සකම තියෙන කව්රු හෝ කෙනෙකු කෑම එකක් ගෙනැවිත් ඉස්සරහා එල්ලා යනවා. අද චැනල් එකක දැක්කා එක නිවසක සිටි අක්කා මලෝ දෙදෙනෙකු නිවස තුළම මියගොස් තියෙනවා. පසුව අවමංගල රථය හා සෞඛ්‍ය අංශ පැමිණ මෘත ශරීර ගෙනගොස් කොවීඩ් වැළඳී මියගිය බව තහවුරු කොට තිබෙනවා. රටේ සැබෑ තත්වය ඉතාමත් කණගාටුදායකයි. දුක්ඛිතයි. සල්ලිය බාගේ අතේ නැහැ. ඒවා කීයක් හරි තිබුණත්, බඩු ගිනි ගණන්. බොන්න පිටි පැකට් කඩවල නැහැ. සීනි ගිනි ගණන්. සමුපෙට අඩුවට ගන්න ගියත්, බඩු ඉවරයි. පෝලිමේ දවස් ගණන් ඉන්නට වෙලා. අපි පෙර පව් කරපු මිනිස්සු. මේ වගේ දේශපාලකයින් ඉන්නා රටක නැවත නූපදින්නට පින්කරමු...
ඔක්කොම මාධ්‍ය සංදර්ශන, කොරෝනා හැදුනා කියන අය දන්නවා හැදුනේ මොකක්ද කියලා.