
නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් නුවර 'ලින්මොල්' සුපිරි වෙළඳ සංකීර්ණයට කඩා වැදුණු අයකු කළ පිහි ප්‍රහාරයකින් 6 දෙනෙක් තුවාල ලැබූහ.
එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයකු බවත් ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයකු යැයි සැක කරන බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පවසයි.

පිහි ප්‍රහාරයට ලක්වූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
පිහි ප්‍රහාරය සැලවීමත් සමඟ, වහා ක්‍රියාත්මක වී සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වුණු පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් ප්‍රහාරය එල්ල කළ තැතැන්තා මියගිය බව ද අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර තිබේ.
අන්තවාදී අදහස් ඇති අයකු බව හඳුනාගෙන තිබුණු බැවින් පොලිසිය එම තැතැත්තා සම්බන්ධයෙන් 2016 වසරේ සිට විමසිල්ලෙන් පසුවුණු බව ද මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැවැසුවාය. එම මාධ්‍ය හමුවට පොලිස්පති ඇන්ඩෲ කොස්ටර් ද එක් වි සිටියේය.
(ඩේලිමේල් සහ සිඩ්නි මෝනින් හැරල්ඩ් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය කාලේ අන්තවාදීන් කොපමණ අපේ රටේ මුල් බැසගත්තාද කියලා මෙයින් පැහැදිලියි...
"එම තැතැත්තා සම්බන්ධයෙන් 2016 වසරේ සිට විමසිල්ලෙන් පසුවුණු බව ද" යන්නෙන් අදහස් වන්නේ කුමක්ද ? නිසි ලෙස විමසිල්ලින් අදාළ ආයතන සිටියා නම් මෙය කෙසේ සිදුවූයේද යන පැනය මතුවන්නේ අපට පමණක්මද ?
මේ අන්තවාදයේ බිහිසුණුකම දැන්වත් වටහාගමු.
ඒ කියන්නෙ අපේ රටේත් මේ අය අළු යට ගිනි පුපුරු වගේ හැංගිලා ඉන්න පුළුවන්. පාස්කු බෝම්බ ප්‍රහාරය අපේ රටට මෙම සංවිධානය පිලිබද අලුත් අත්දැකීමක් නිසා ජනතාව නොදැනුවත්කමින් සාමාන්‍ය මුස්ලිම් අය සැක කලා. හැබැයි මේ සංවිධානය සෞදි ආරාබියෙ පවා බෝම්බ පුපුරවා තියෙනවා. ඒ අය අවුරුදු දහස් ගණනට පෙර ලියූ ආගමේ එක්තරා වැකිවල එල්බගෙන අන්තයකට ගොස් බ්‍රේන් වොෂ් හෝ මොළ සේදීමකට ලක්වෙලා. සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ වගේ නැහැ. ඒ අයට තමා මෙවැනි අන්තවාදී තත්වයන් රට තුල ඇතිවීම වැලැක්විය හැක්කේ. සාමාන්‍ය මුස්ලිම් ජනතාව දුන් අනතුරු ඇගවීම් ගැන මීට වඩා බැරෑරුම් වූවා නම් පාස්කු ප්‍රහාරය වලක්වන්න තිබුණා යැයි තොරතුරු විග්රහ කිරීමේදී හැගී යනවා.
ඔය රටවල් තමයි ඔය මිනිස්සුන්ට රැකවරණය දෙන්නේ... ඇෆ්ඝනිස්තාන්වල මිනිස්සු ඔක්කොම ඔය රටවල් වලට යන්න හදන්නේ. මුස්ලිම් රටවල් බාරගන්නේ නැහැ. එහෙම ගිය ඔය ජාතිය ඒ රටවල් විනාශ කරනවා... කරුම ජාතියක්...
ඉතාම කණගාටුදායක මෙන්ම ම්ලේච්ඡ ක්‍රියාවක්... මෙවන් අන්තවාදීන්ට එරෙහිව සියලු රටවල් එක්ව කටයුතු කළයුතු කාලයක්. ශ්‍රී ලංකාව අන්තවාදීන් පෝෂණය කරන රටක් ලෙස මෙම සිද්ධියත් සමග ලෝකයේ මතයක් ඇතිවෙනවා... මෙවැනි සිද්ධීන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය කරන විට මුලු ලෝකයාම ශ්‍රී ලාංකියන් දෙස බලන්නේ අන්තවාදීන් පෝෂණය කරන රටක් ලෙසයි. කිසිම රජයක් අන්තවාදය පෝෂණය කරන ජන කොටස් හා නායකයින් සම්බන්ධකර ආණ්ඩු සෑදීම නතර කළ යුතුයි. අන්තවාදය පෝෂණය කරන නායකයින්ගේ මතයන්ට ඉඩක් නොදීමට ජනමාධ්‍ය ආයතනද ස්වයං පාලනයක් ඇතිව කටයුතු කළ යුතුයි...
සරණාගත ලේබලය යටතේ ත්රස්තවාදීන්ට රැකවරණය දෙන රටවලට මේවා හොඳ පාඩම්...
බෝම්බ පුපුරුවා සිය ගණන් මිනිස්සු මැරීම, පිහි ඇනුම්, ගල් ගැසීම, බෙලි කැපීම වගේ දේවල් මිස යහපත් ක්‍රියාවක් අහලා තියෙනවද.?
මුස්ලිම් ජාතික ඉස්ලාම් අන්තවාදීන් නිසා අපේ රටට සිදුවන්නේ අපකීර්තියක්.. බදුර්දීන් නිදහස් කළොත් ලංකාවේත් වෙන්නේ මේක..
ඉස්ලාමය සාමයේ ආගමයි.