( සිතුම් චතුරංග)
කිලිනොච්චිය , තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩාවැටීමෙන් අට හැවිරිදි පිරිමි දරුවකු එයට යටවී අද(12) දහවල් මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
දිවා ආහාරය ලබාගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර බිත්තියට යටවීමෙන් බරපතල තුවාල ලබා සිටි දරුවා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය , තොණ්ඩමන්නගර් හි පදිංචි නිරෝයන් රුසාන්තන් නැමති කිලිනොච්චිය මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි.
දින ගණනක් ඇතිවූ වර් ෂාව හේතුවෙන් තොණ්ඩමන් නගර් ප්‍රදේශයේ ජලය බැසනොගොස් තිබූ අතර එම හේතුවෙන් නිවසෙහි බිත්තිය පුපුරා කඩා වැටී ඇති බවද පොලිසිය පැවසීය
අනතුරත් සමඟ ප්‍රදේශවාසීන් විශාල පරිශ්‍රමයක් දරා දරුවා පිටතට ගෙන රෝහල් ගතකිරීමට පියවරගෙන තිබූ බවත් එ වන විට දරුවා මියගොස් සිටි බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
වසර ගණනාවක් සිට වර් ෂාවක දී තම ගම්මානයේ ජලය නොබසින බවත් කරච්චි ප්‍රදේශිය සභාවට දැනුම් දී පිළියම් ඉල්ලා සිටියද විසඳුම් නොලැබීම හේතුවෙන් තමන්ට මෙම අවාසනාවන්ත සිදුවීම අත්විදීමට සිදුවූ බව ප්‍රදේශවාසීහු පැවසීය.
මියගිය දරුවාගේ සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය මහ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණි.
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසකයා .... නිලධාරින්ගේ වගකීම් නිසි අයුරින් නොවිම හේතුවෙන් වන්දි ගෙවන්නේ අහිංසකයෝ...
පව් අසරණ දරු පැටිය... පුතේ ඔබට ලබන්නාවූ කිසිදු ආත්මයක මෙවන් අනතුරක් සිදු නොවේවා...!!