(ඉන්දිකා රාමනායක)

මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණ සිටි කොල්ලකරුවන් තිදෙනකුගෙන් එක් කොල්ලකරුවකු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම කොල්ලකරුවන් නිවසේ පිරිස බිය ගන්වා දේපල කොල්ල කමින් සිටියදී නිවැසියන් ගේ කෑ ගැසීම ඇසී අසල්වාසීන් පිරිසක් පැමිණ එක් කොල්ලකරුවකු අල්ලාගෙන ඇත.

ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කොල්ලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සෙසු සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මියගිය කොල්ලකරු මෙතෙක් හඳුනාගෙන නැත.