IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිවාස බිඳ රන් භාණ්ඩ සොරාගත් ගුවන් හමුදා සාමාජිකයා අත්අඩංගුවට

(ඩබ් ඒ පියතිලක )

හිගුරක්ගොඩ නිවාස රැසක් බිද දේපළ සොරාගත් හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරක සේවය කළ ගුවන් හමුදා සමාජිකයෙකු  අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය පැවසිය.

2019 වසරේ සිට හිගුරක්ගොඩ ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ  මුදල් සහ රන් ආභරණ සොරගෙන ගොස් ඇතැයි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

 වසර තුනක කාලයක් හිගුරක්ගොඩ පොලිස් වසම තුල  දින කිපයකට වතාවක්  නිවසක් බිද රන් ආභරණ කොල්ලා කා පලා යන සොරා අල්ලා ගැනිමට පොලිසිය අපොහොසත් විම නිසා ප්‍රදේශයේ ජනතාව පොලිසියට එරෙහිව කටයුතු කිරිමට පවා පෙළඹිසිටියහ.

   පසුව පොලිසිය විසින්  රාත්‍රි කාලයේ පොලිස් වසමේ සැම ප්‍රදේශයකම නිළධාරින් යෙදවිමට කටයුතු කර ඇති අතර  ඒවැනි අවස්ථාවක අලුයම එක්වරම  පුද්ගලයෙකු ගුවන් හමුදා කදවුර දෙසට දුවන අයුරු දැක එම පුද්ගලයා පසු පස යැමෙදි ඔහු ගුවන් හමුදා ආරක්ෂක වැටෙන් පැන කදවුර තුලට ගොස් තිබේ.

පසුව පොලිස් නිළ සුනඛයින් යොදවා පරික්ෂා  කිරිමේදි  ගුවන් හමුදා කදවුරේ ආරක්ෂක වැට අයිනේ සෙරෙප්පු යුගලක් සුනඛයාගේ ඉව අනුව සොයා ගැනිමත් අනුව සුනඛයා ගුවන් හමුදා කදවුර තුලට ගොස් භට නිවාසයකට ගොස් තිබේ.

 ඒ අනුව එහි සිටි සැක සහිත පුද්ගලයින් පොලිසියට ගෙන්වා විමර්ශන ආරම්භ කිරී‍මෙන් පසු තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

නිවාස බිඳ රන් භාණ්ඩ සොරාගත් ගුවන් හමුදා සාමාජිකයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site