(ප්‍රසංග පෙරේරා)
ගෘහස්ථව එක් රැස් වන කසළ සදහා ශ්‍රීලංකාව තුල ප්‍රථම වරට මුදල් ලබා දීමට ජා-ඇල ප්‍රාදේශීය සභාව විසින් කටයුතු ආරම්භ කරනු ලැබීය.
වර්ල්ඩ් විෂන් ආයතනයේ ෆින්ලා ව්‍යපෘතිය මගින් මෙලෙස ගෘහස්ථ කසල එක්රැස්කර ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය හා පරිසර ඒකකය හරහා ගෘහ ඒකක වලට මුදල් ලබා දීම සිදු කරනු ලබයි.
ඉන්දුනීසියාව, පිලිපීනය ආදි රටවල සාර්ථකව ක්‍රියාත්මක වන කසල කළමනාකරණය තුළින් ජීවන උපාය ගොඩ නගාගැනීම මෙරටට හදුන්වා දෙමින් ආරම්භ කර තිබෙන මෙම කසල මිල කිරීමේ වැඩසටහන මේ වනවිට ලංකාවේ ජා-ඇල, වත්තල හා චාවකච්චේරිය වැනි ප්‍රදේශ වල ක්‍රියාත්මකව පවතින අතර කසල සදහා මුදල් ලබා දීම ලංකාවේ ප්‍රථම වරට සිදු කර ඇත්තේ ජා-ඇල ප්‍රාදේශීය සභාවයි.
ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පවසා සිටියේ ගෘහස්ථ ව ජනනය වන ප්ලාස්ටික්, යකඩ, පොලිතීන්, කඩදාසි, රෙජීෆෝම්, වීදුරු වැනි නොදිරන අප ද්‍රව්‍ය මින් මතු ගෘහයට කරදරයක් නොව මුදල් උපයන සම්පතක් බවට පත් කිරීම යථාර්ථයක් කර තිබෙන බවයි.
ඒ සදහා මුදල් ගෙවීම ජා-ඇල ප්‍රාදේශීය සභාව ආරම්භ කර අවසන් බවද සභාපතිවරයා පවසා සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසළ රැගෙන යාමට මුදල් බලාපොරොත්තු වන සේවයකින් ඵලක් නැත. මුදල් දීම නොකළොත් දඬුවමක් වශයෙන් ඇතැම් අවශ්‍යතාවලදී කසල රැගෙන නොයන සේවයකින් ද ඵලක් නැත. වෙළඳ ව්‍යාපාරිකයන් නම් මුදල් සන්තෝසම් දෙනු ලබයි. නිවැසියන්ට එවන් දේ කළ නොහැක. අපිරිසිදු, අක්‍රමවත්, අනතුරුදායක පදික වේදිකා ඇති නගරයක පිළිවෙළක් බලාපොරොත්තු විය නොහැක...