(ඉන්දිකා රාමනායක)
පාස්කු ප‍්‍රහාරයට පෙර සහරාන් ඇතුලු පිරිසක් නුවරඑළිය නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය පුහුණු කඳවුර සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය දැනුවත් කළ ද පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුනොකළ බවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
මේ තොරතුර අනුව පොලිසිය එහි ගොස් නිසි පරීක්ෂණයක් සිදුකළේද එම නිවාඩු නිකේතනය පරීක්ෂා කර ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
සිංහල රාවය සංවිධානයේ මහාලේකම් මාගල්කන්දදේ සුදත්ත හිමියන් ඇතුලු පිරිසක් පසුගියා දා නුවරඑළියේ පිහිටි එම නිවාඩු නිකේතනය වෙත ගොස් පරීක්ෂා කර තොරතුරු විමසීමේ දී එම නිවාඩු නිකේතනය බාර පුද්ගලයා දන්වා සිටියේ මෙම නිවසේ සැකකටයුතු පිරිස් සිටින බවට ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිසියට දැනුම් දී ඇති බවත් පොලිසිය ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කළ බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි ..හරි පාරේ යනවා වගේ පේනවා ... ඒ වගේම කතාව යට ගහන්න මොකෙක් හරි දේශපාලකයෙක් මැදට පැන්නා නම් එවුන් වත් විමර්ශනයට ඇත අඩංගුවට ගන්නම ඕන ..
දැන් අශ්වයා ගියාට පස්සේ වහපල්ලා ඉස්තාලේ . වහල විරුවපට්ටම් ගහගෙන - අනිත් උන්ට බැන බැන හිටපල්ලා . මේ රටේ මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් උකුණු බිජුවකතරම් වත් තියනවනම් ඊළඟ මැතිවරණයකදී කරන්න ඕන මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ
පොලීසියේ , රහස් පොලීසියේ රාජකාරි කරන්න වෙලා තියෙන්නේ මහා සංඝරත්නයට නැත්නම් රටට ආදරේ ඇති සාමාන්‍ය ජනතාවට. දූෂිත පාලනය ඉහලින් ඇතිවිට පිළිවෙළින් සියල්ල දූෂිත බවට පත්වේ. කවදා නම් මේ ව්‍යසනවලින් අපේ මව් බිම ගැළැවේද ?