
(ආර්.එෆ්.එම්.සුහෙල්)
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් සඳහා ඉන්දීය සමාගමකට ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රී ලංකාව පුරා සැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පැමිණි පාර්ශව රැසක් නුවරඑළියේදී අද දැවැන්ත උද්ඝෝෂණයක නිරතවූහ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය (04) දින පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා යනුවෙන් බිය වද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබා දීමට එකඟතාවය ලබාගෙන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට දරන උත්සාහයට විරෝධය දක්වා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.
මෙම උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව පුරාවට ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන් හා තැපැල් සේවකයන් විශාල පිරිසක්, නුවරඑළිය නියෝජනය කරන අනෙකුත් රාජ්‍ය සේවයන්හි වෘත්තිය සමිති නියෝජිතයන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්, නුවරඑළියෙ ඒකාබද්ධ වෙළඳ සංගමයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥ සංගම් නියෝජිතයන් හා සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසිහු විශාල පිරිසක් පැමිණ සිටියහ ,


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන වයසක මනුස්සය මානසික වයිඩ්යවරයෙක් ට පෙන්නන්න. පව් අහින්සකය.
රනිල් රජපක්ශ හොර නඩයෙන් මෙ රට මුදා ගන්නා තුරු රටට සැනසිල්ලක් නැහැ.
ජයවේවා !!! නුවර එලිය පැරණි තැපැල් කාර්යාලය,බටලන්දේ මිනීමරු ,බැංකු හොරාගෙන් බේරාගැනීමට පෙරට පැමිණි ඔබට ස්තුතියි !!!
එලැඹෙන මැතිවරණයේ දී මුළුරටම මුන්නැහේගෙන් බේරාගන්න මේ විදිහට පෙළ ගැහෙන්න වෙයි. ප්‍රශ්නයක් තියෙනවා. කාවද පත් කර ගන්නේ කියන එක... කිසිම පක්ෂයක රටේ නායකත්වයට සුදුසු කෙනෙක් පේන්න නෑ තාම...!
රනිල් බලයට ආපු හැමවෙලාවේම කලේ පොදු දේපල විකුණාගෙන කෑම. විකුණාගෙන කෑමේ රෝගයෙන් පෙලෙනබව පෙනේ...!
මෙතන අදහස් දාල තියන හතරදෙනා අහවල් බල්වේගෙට රෙදි නැතුව යන අය. මේ වගෙ ඒවාට හරිම සතුටුයි...!
අපේ උරුමයන් ආරක්ෂා කර ගැනීමට අපි සැවොම එකතු වෙමු...
ඔය පරණ ගොඩනැගිලි ඔය විදියටම තව අවුරුදු කීයක් බදාගෙන ඉන්න ඕනේද? මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ හැමවෙලේම අතීතයේ එරිලා ඉන්න නිසයි. ඔතන නවීන ගොඩනැගිල්ලක් සෑදීමේ කිසිම වැරැද්දක් නැහැ. අලුත් ගොඩනැගිල්ල තුළ අවශ්‍ය නම් තැපැල් කාර්යාලයක් දැමිය හැකිය...!
ලෝකයේ බොහෝ රටවල පෞරාණික වටිනාකමක් තියෙන තැපැල් කාර්‍යාල, දුම්රිය ස්ථාන ආදී තැන්වල එම පෞරාණික වටිනාකම ආරක්ෂාකර ගනිමින් හෝටල් පවත්වාගෙන යනවා... (ගූගල් එකෙන් බලන්න) එමනිසා ඒ ආයතන අතිරේක ආදායමක් ලබා ගන්නවා. අපේ රටේ JVP කියලා කරුමයක් තියෙන නිසා වෙනස් විදියට හිතලා රට ගොඩගන්න හරිම අමාරුයි. ඒකට සම්බන්ධ කම්මැලි යූනියන් කාරයෝ බලන්නේ අඩුවෙන් වැඩකරලා පුලුවන් තරම් වරප්‍රසාද ගන්න. නුවරඑළිය තැපැල් කන්තෝරුව විතරක් නෙමෙයි මුලු තැපැල් දෙපාර්තමේන්තුවම පෞද්ගලීකරණය කරලා රටට ආදායමක් එන ආයතනයක් බවට පත්කළ යුතුයි.
අමිල නංගි වෙනම මීට් වෙන්න බැරිද? ජවිපෙ කරුමෙ ඔයාට කරලා තියෙන දේ පැහැදිලිවම දැනගන්න. අපට නම් ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ. දරුවෙකුට රට යන්න විදියක් නැහැ. ලයිට් බිල පිටපිට ඉහළ දානවා. පාසල් යවාගන්න හැටියක් නැහැ ළමයි, කොටින්ම වේල් දෙකයි කන්නේ. ඔය කියන කරුමේ නිසා මිසක් ඔය පක්ෂ දෙකේ අය නිසා නෙවෙයි..