
(අංජුල මහික වීරරත්න)
රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන ණය වාරිකය නිකුත් කිරීමෙන් අනතුරුව නැවතී තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට හැකි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මේ වන විට සිරවී තිබෙන ණය ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 36ක් බවද එයින් ඉදිරි වසර 05ක හෝ 06ක කාලයේ ගෙවීමට තිබෙන්නේ 37%ක් පමණක් බව ගුණවර්ධන මහතා පැවසීය. එම ණය ප්‍රමාණයෙන් 51%ක් ගෙවීමට තිබෙන්නේ වසර 06ත් 20ත් අතර කාලයකදී බව කී ගුණවර්ධන මහතා තවත් 12%ක් ගෙවීමට නියමිතව ඇත්තේ වසර 20කට පසුව බව කීය. කවුරුන් විසින් ආණ්ඩු කල ද 2048 වර්ෂය දක්වා මෙම ණය ගෙවීමට අප රට බැඳී සිටින්නේ යැයිද එසේ නොගෙවන්නේ නම් ඒ පාර්ශවයට ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි වනුයේ සති දෙකක් පමණක් බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ණය ගෙවන්න පුලුවන් ගිරිවාපත්තුවේ මහා ගෙදරින් ඉල්ලගෙන.
දේශපාලන විසදුමක් ඔනි නැහැ, තමුසෙ ගෙදර යනව ඉතින්
ඇපෙ බන්දුල සර් , ගෙ නමත් ඉතිහාසෙට එක්වෙනව රට බංකොලොත් කරන්ඩ දායක උන ලිස්ට් එකට .
මෙයාගේ මූන නොදා නිවුස් එක විතරක් දාන්න,