(සුජිත් හේවාජූලිගේ සහ ඉන්දිකා රාමනායක)
රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඇදිරිනීති කාලයේදී නිවෙස්වලටමවී කාලය ගත කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ ප්‍රදේශ හරහා ගමන් ගන්නා මහජනතාව විකල්ප මාර්ග භාවිතා කළ යුතු බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
2025 නොවැම්බර් මස 04
529
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නැවත දැනුම් දෙනතුරු රඹුක්කනට ඇඳිරි නීතිය
vinivida Wednesday, 20 April 2022 06:54 AM
රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණද රඹුක්කන පොලිසිය කළයුතු වන්නේ එම ප්‍රදේශවල සිටින්නා වූ බුද්ධිමත් තරුණයින් සමග සාකච්ඡා කර මෙවැනි අර්බුද නැවත මතු නොවන්නට දෙපාර්ශවය අතර යම් එකඟ තත්වයකට පැමිණීම වේ. එවිට තෙල්මිල හෝ වෙනත් කාරණයකදී හෝ හදිසි පාරවල් වැසීම වැනි අර්බුදයකදී පොලීසිය මැදිහත්වීම අවමකර එම තරුණ පිරිස් මූලිකත්වයෙන් එම ප්‍රදේශවල සිදුවන/ මතුවන අර්බුද අවම කරගැනීමට හැකියාව සොයා බැලීම වැදගත් වේ. එම තරුණයින් මගින් ඔවුන්ගේ ප්‍රදේශ පුරා මෙම පණිවිඩය ලබාදී රටට වෙනසක් ලබාගැනීමට නම් සියලුදෙනාම ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කළයුතු බව දැනුම් දී මෙය ලංකාවේ සියලු පොලිස්බල ප්‍රදේශ තුළ දියත් කළහොත් ඉදිරියේදී මතුවන ගැටළු අවම කරගැනීමට හැකිවේ. ජනතාව මේ වනවිට මුහුණදී තිබෙන්නා වූ ගැටළු විවිධාකාරය.. විරැකියාව, ඉන්ධන, ගෑස් සහ දරුවන් හට කිරිපිටි නොමැති වීම වැනි කරුණු නිසා ජනතාව සිටිනුයේ දැඩි ආවේගයකිනි. එමනිසා මේ අවස්ථාවේ පොලිසියේ ඉවසීම අත්‍යාවශ්‍ය වේ.