
(කවිඳු දිල්ෂාන්)
එදාවේල සරි කර ගැනීමට නොහැකි වුවද තම ජීවිත ගැන සිතා පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරත නොවන්නැ’යි සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදේ රළ මීටර 2.5 සිට 3 දක්වා ඉහළ නැගීමේ අවදානමක් පවතින බවද ඔහු කීය.
එබැවින් නැවත දැනුම්දීමක් කරන තුරු එම අවදානම් සහිත ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසද අනෙකුත් ප්‍රදේශවල ධීවරයන්ද කාලගුණික තත්ත්වයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙසද කහවත්ත මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘‘නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා‘‘