
(ගයාන් සූරියආරච්චි)
නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 2138 කට ක්‍රියාත්මක වන පරිදි උසස්වීම් ලබාදී ඇත.
නාවික හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතගේ නිර්දේශ මත මෙම උසස්වීම් ලබාදී ඇත.
ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406 ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයෝ 391 ක්ද උසස්වීම් ලබා සිටිති.
එමෙන්ම ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539 ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයෝ 354 ක් ද, පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයෝ 11 ක්ද උසස්වීම් ලබා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd