(නිමන්ති රණසිංහ)
වැලිසර නාවික හමුදා රෝහලේදී ඊයේ (25) රාත්‍රීයේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වයිරසය වැලදී නොමැති බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ලංකාදීපයට පැවසිය.
නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයකු වන මෙම නිලධාරියා හදීසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 18 වැනිදා වැලිසර නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කරනු ලැබිණ. පසුව කරන ලද පරීක්ෂණ වලදී, මී උණ වැළදීමෙන් එම නිලධාරියා මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
කොරෝනා ආසාදිතයකු බවට පසුව හෙළිවූ නිලධාරියකු මෙම නිලධාරියා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බැවින් මියගිය ලුතිනන් කමාන්ඩර්වරයාගේ අවසන් කටයුතු ද ජාත්‍යන්තර නිරෝධායන නිතීන්ට යටත් සිදුකරන ලෙසට රාගම අධීකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බවද සදහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ...පව් ... ඔබට නිවන් සුව අත්වේවා .....!!!!
අනේ මන්දා හැදිලා තියෙන්නේ මී උණලු. කොරෝනා නෙවෙයිනම් මොකටද නිරෝධායන නීතියට අවසන් කටයුතු කරන්නේ. කවුද ඇත්ත කියන්නේ කියලා දෙවියෝ තමයි දන්නේ.
ලංකාවත් චීනය වගේ වෙන්න යන්නෙ. කිසිම සත්‍ය තොරතුරක් එලියට දෙන්නේ නැහැ, ඉස්සරහට සමාජ මාධ්‍ය එහෙමත් තහනම් කලොත් පුදුම වෙන්න එපා.
යම් දෙයක් සඟවනවදෝ සිතෙනවා ? ඔබටත් එහෙමද
සත්‍ය ජයගනිවී.. බොරුවට ආයුෂ නැ ළමයිනේ... !!!
මී උන රෝග ලක්ෂණ කොරෝනා වල රෝග ලක්ෂණම බව ගූගල් එකෙන් දැන ගත්තා.
මී උණ හැදෙන්න මොකද නේවි එකෙන් නිවාඩු අරන් මේ ඇඳිරි නීතිය අස්සේ කුඹුරු කොටන්න ගියාද? මැරුණේ මී උණෙන් නම් ඇයි කොරෝනා ලෙඩෙක් විදියට අවසන් කටයුතු කළේ?
අපේ රට අමුතු රටක් වේගෙන එන්නේ , දැන් ව්‍යවස්ථා ප්‍රශ්න විසදන්නේ ආන්ඩුව නියෝජනය කරන ස්වාමින්වහන්සේලා කැදවාගෙන...