
(ඉන්දිකා රාමනායක)
කොවිඩ් 19 ව්යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ නාවික හමුදාව ගත වු 8 -9 යන දින දෙක තුළදී පමණක් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 13822 ක් සඳහා “සයිනොෆාම්” එන්නතෙහි පළමු සහ දෙවන මාත්රාමවන් ලබා දුන් බව නාවික හමුදාව පවසයි.
රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් නාවික හමුදාව අගෝස්තු 08 වන දින සිට කොළඹ නාවික හමුදා මුලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්යම පාරේ ප්රමදීපාගාර පරිශ්රායේදී ත්, වැලිසර නාවික මහ රෝහල මඟින් රාගමල ඇලපිටිවෙල චන්ද්රාවංශ විද්යාාලය සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්යාුලය යන ස්ථාන මෙම එන්නත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද නාවික හමුදාව පවසයි.
කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා මහජනතාවගේ විශාල උනන්දුවක් දක්නට ලැබෙන බවත් හෙට (11) දිනයේදී කොළඹ චෛත්යග පාරේ ප්ර්දීපාගාර පරිශ්රසයේදී පමණක් නාවික හමුදාව විසින් මෙම එන්නත් වැඩසටහන ක්රිදයාත්මක කරනු ලබන බවද නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවෙන් මගේ මල්ලී බෙහෙත විද ගත්තා හමුදා රෝහලෙන්... මිනිත්තු දෙකක්වත් ගියේ නැතිලු එන්නත ලබා දෙන්න. මොන තරම් විශිෂ්ඨ සේවාවක්ද? රට, ජාතිය රකින හමුදා විරුවන් මේ කරන්නේ? යල් පැනගිය දේශපාලකයින්ට නොතේරුණාට අපි අදටත් පින් දෙනවා මේ උත්තමයන්ට හමුදාවේ... බොහොම පින්! බුදුන් දැක නිවන් දකින්නට පින් පුරන නිර්භීත තරුණ මහත්වරුන්ට හමුදාවේ, අපේ උත්තම ආචාරය...! ගණන් ගන්න එපා... දේශපාලුවන්ගේ සුනඛයින්ටවත් රිසි නැති කැත කතා. අපි යුද හමුදාවට හදවතින්ම ආදරය කරන්නෙමු.