(රොමේෂ් මධුෂංඛ)

කරෙයිනගර් මුහුදු සීමාවේදී ඊයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදුනු නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් නාවික සෙබළකු අතුරුදහන් වී තවත් සෙබළුන් දෙදෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය.

අතුරුදහන් වූ නාවික හමුදා සෙබලා මෙතෙක් සොයාගෙන නොමැති අතරම නාවික හමුදාවේ කිමිදුම් බළකාය හා පොලීසිය එක්ව අද  සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. 

කරෙයිනගර් නාවික හමුදා කඳවුරට අයත් වෝටර් ජෙට් නැමති යාත්‍රා දෙකක නිලධාරීන් විසින් කරෙයිනගර් නාවික ජැටියෙ සිට මුහුදු සැතපුම් 07 ක් පමණ වූ මුහුදු සීමාවේදී සෝදිසි මෙහෙයුමක් සිදුකරන අතර තුරදී සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය වී ඇත.

අනතුරුව අදාල සැකකටයුතු යාත්‍රාවට නවතින ලෙස නාවික හමුදාව විධානය කළ ද එය නොනවත්වා යාත්‍රා කිරීම හේතුවෙන් අදාල යාත්‍රාව පසුපස නාවික හමුදාව විසින් වොටර් ජෙට් යාත්‍රා දෙකෙන්ම ලුහුබඳින අවස්ථාවේදී යාත්‍රා දෙක එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැක පළ කරන බව ද පොලීසිය සැකකරයි.

අනතුරත් සමග එක් ය්‍රාත්‍රාවක සිටි නාවික සෙබළකු මුහුදට වැටී දියේ ගිලීමෙන් අතුරුදහන්ව ඇති අතර තවත් සෙබළුන් දෙදෙකු තුවල ලබා කයිට්ස් මූලික රෝහලට ඇතුළත් කොට ඉන් එක් සෙබළකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.