(තුසිත කුමාර ද සිල්වා)

නවකයකු ලෙස බහුදින ධීවර යාත්‍රාවක ධීවර කටයුතුවලට මුහුදු ගිය තරුණයකුට මුහුද මැද දී මසක් පුරා නවකවදය දුන් ජ්‍යෙෂ්ඨ ධීවරයන් හත් දෙනකු නැවත බේරුවල ධීවරායෙන් ගොඩ ආ   පසුව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

බේරුවල ධීවර වරායෙන් මීට  මාසයකට පෙර මුහුදු ගොස් පැමිණි බහුදින යාත්‍රාවක ගමන්ගෙන ඈත.

දියබේ රැකියාවට ගිය අට දෙනකුගෙන් යුතු කණ්ඩායමක නවක ධීවරයා වන තරුණයට මුහුද මැද දී සෙසු ධීවරයන් පහර දී විවිධ තාඩන පීඩනවලට ලක්කර පැය ගණන් මුහුද මැද ගිල්ලවා නැවත ගොඩගෙන නවක වදය මෙන් හිරිහැර කළ බව පවසා බේරුවල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ පවත්වා ධීවර යාත්‍රාවේ පැදිකරු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකාර තරුණ ධීවරයා රෝහල් ගත වී ඇති අතර මුහුදු ගමනින් පසුව අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.