(අංජුල මහික වීරරත්න)
සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සර්වේයර් ජනරාල් ලෙස සේවය කළ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ.කේ.එස්.පී. විජේසිංහ මහතා වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත2025 -01-22 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.
ඒ අනුව, පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවා විශේෂ ශ්‍රේණියේ නිලධාරී වයි.ජී. ඥානතිලක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නව සර්වේයර් ජනරාල් පත් කරයි
Ansion Thursday, 08 May 2025 04:52 PM
මොකද ඔය තනතුරට සර්වේයර් ජෙනරාල් කියන්නේ අතීතයේ මිනිස්සු සරුව ජනෙල් කන්තෝරුව කිව්වෙත් ඕකටද? ඔය තනතුරට සිංහල නමක් ඇත්තේම නැද්ද? සිංහලෙන් කිව්වාම ලැජ්ජයිද පැහැදිළි නැහැ... ඊළඟට පළාත් කාර්යාලයේ ලොක්කා නියෝජ්‍ය සර්වේයර් ජෙනරාල් කියලා සිංහල වචනයයි ඉංග්‍රීසි වචන දෙකකුයි යොදනවා...