
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 7 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
පාර්ලිමේන්තුව එදින සිට ලබන 10 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
මේ අනුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ජනවාරි 7 වැනි අගහරුවාදා පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වෙන් කර ඇත. අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන “2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
ජනවාරි 8 වැනි බදාදා පෙ.ව 9.30 - පෙ.ව 10.00 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 4ක්) වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.00 පෙ.ව 10.30 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 5ක්) වෙන් කර අුැත
ඉන්පසු ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.
අනතුරුව සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කර ඇත.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ජනවාරි 9 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වෙන් කර අැත. ඉන්පසු ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන පෙ.ව 10.30 සිට පෙ.ව 11.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව ඇත.
අනතුරුව ප.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටද මෙහිදී එකඟත්වය පළවී අැත
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා ජනවාරි 10 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, එච්.නන්දසේන සහ ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීමේ විවාදය එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වෙන බව චමින්ද කුලරත්න මහතා පැවසීය
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම 07