
(නිමල කොඩිතුවක්කු)
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට පැමිණි විගස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු ආරම්භ කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු දික් ගැස්සීමට ඉඩ නොදෙන බවත් බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය.
ජනතා අදහස් වලට ඇහුම්කන් දෙමින් පාර්ලිමේන්තුව උපයෝගී කරගෙන නිශ්චිත කාලසීමාවක් ඇතුලත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් රටට හදුන්වා දෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ඔබින ව්‍යවස්ථාවක්ද…? LTTE, ආගමික අන්තවාදීන්ට ඔබින ව්‍යවස්ථාවක්ද…? මිනිස්සුන්ව රැවැට්ටුවා. මේ මව්බිම නැත්නම් මරණය..
ඔබට මේ සඳහා වලංගු වරමක් නොමැත. පළාත් සභා මැතිවරණයේදී පරීක්ෂා කර පරීක්ෂණයක් කරන්න. ඔබ වෙන කවරදාටත් වඩා පරාජයට පත්වනු ඇත. ඔබේ නායකත්වයට ශ්‍රී ලාංකිකයින් අමූලික බොරුවලට රැවටුණා..!
සාටක සිලිඩර් බයියෝ දැන්ම ඉඳලාම තවම හදන්න තියා හිතලාවත් නැති දෙයක් "කොටි හිතවාදී ව්‍යවස්ථාවක්" කියා කියා ප්‍රචාරයක් සමාජ මාද්‍ය තුළ දියත් කරමින් ඉන්නවා. එය තුළින් දැන් 2.50ට වැටිලා ඉන්න හැමදාම ජාතිවාදයෙන් තමන්ගේ දේශපාලනය කරගත් රාජපක්ෂ හොර පවුල නැගිටුව ගැනීමයි ඔවුන්ගේ අරමුණ..!
මේ ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙනවා කියලා කරන්න හදන්නේ අර ස්වාධීන කොමිෂන් සභා ටික අහෝසි කරලා ඔවුන්ට වුවමනා විදියට නිලධාරීන් හසුරුවන්න හදාගන්න. ජනාධිපති කලින් මේ ගැන ඉඟි කළා ඔහු කිව්වා කොමිෂන් සභා ගැන ඉන්නේ නොසතුටින් කියලා, එහෙම වුණොත් රටට දෙවියන්ගේම පිහිටයි
අපි දැක්ක සමහර ආගමික සංවිධානත් මේ දේම කියනව. ජනතාවට ණුවනැස පහලවේවා!
අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ, තුන් සිංහලයම නෑදෑයෝ . මොවුන් ඔක්කොම එකයි මල්ලී.
ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ ඕක නෙමෙයිනේ බොරු ඇති