මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සිය රාජකාරි ආරම්භ කිරීමෙන් පසු ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

විදේශ අමාත්‍ය ධුරය ද හොබවා ඇති රෝහිත බෝගොල්ලාගම මහතා ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති  සහ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන් බැහැදැක අශිර්වාද ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

එම අවස්ථාවට, බෝගොල්ලාගම මහත්මිය සහ බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමයේ ලේකම් අමල් අබේවර්ධන මහතා ද එක් වී සිටියහ.

අනගාරික ධර්මපාලතුමා විසින් 1926 වසරේ දී ආරම්භ කරන ලද ලන්ඩන් බෞද්ධ විහාරය බ්‍රිතාන්‍යයේ පැරණිතම බෞද්ධ විහාරයයි.