(නිමල කොඩිතුවක්කු)
රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව සමහර ධන කුවේරයින්ට, ජාවාරම්කාරයින්ට සහන දෙමින් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තබා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (07) පැවසීය.
ආණ්ඩුව ඉදිරිපත් කර ඇති මුදල් පනත් කෙටුම්පත පිළිබඳව කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ඒ මගින් ජාවාරම් කාරයින්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරගැනීමට හැකියාව ලැබෙන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.
කිසිවෙක් බදු නොගෙවා සඟවාගෙන සිටිනවා නම් රජය කළ යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඒ සදහා ඕනෑ තරම් ප්‍රතිපාදන ඇති බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට සමගි ජන බලවේගයත් විපක්ෂයත් තරයේම විරුද්ධ වන බවද ඒ මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ දුගිදුප්පත් ජනතාව ගැන අඩමින් කියව කියව හිටිය පියාණන්දැ ඒකාලේ හම්බකරපුව. ඔන්න අවස්ථාව ඒ සල්ලි සුදු කරන්න... හරිම අවංක ගොයියෙක් මේ හොටු පෙරමින් කදුළු සලමින් රටට ආදරේ බව පෙන්නන්න උත්සහ කරන රගේ.....අනේද කියන්න කියන්නේ....
මොන බොරු කරත් පෝයට සිල් ගන්නේ මෙමානේ..... මොන පව් කරත් සිල් රෙද්දෙන් ඇග ඔතාමනේ... රෙද්දට යටින් නරිහම කිසිවෙකු හට නොපෙනුනාමනේ.....
‘නව මුදල් පනතෙන් ආණ්ඩුව කළු සල්ලි සුදු කරන්න හදනවාලු කළු උනත් සල්ලිනෙ හලෝ හැමදාම කළුවට තියාගෙන ඉන්න ඕනෙද? සුදුවෙනවානම් කොච්චර හොඳද?