(යොහාන් භාසුර)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු බස් රථ 75 ක් ඩිපෝවලට අද (5) බෙදාදුන්නේය.

ග්‍රාමීය ප්‍රදේශවල මාර්ගවල තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය කළ රුපියල් කෝටියක් පමණ වටිනා නවීණ බස් රථ 75 ක් මෙසේ ඩිපෝවලට පිරිනැමූ අතර උතුරු නැගෙනහිර පලාත් ඇතුළුව සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ඩිපෝවලට මෙම බස් රථ බෙදාහැරීය.

මෙම වසර (2023) තුළ නව බස් රථ 500 ක් පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කිරීමට  සැලසුම් කර ඇති බව මෙම බස් රථ ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඉන්දියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගොපාල් බාග්ලේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.