
(අජන්ත කුමාර අගලකඩ)
නව ප්රාදේශීය ලේකම් කොට්ඨාස සහ නව ග්රාම නිලධාරී වසම් පිහිටුවීම සඳහා සීමානිර්ණ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.
නව ප්රාදේශීය ලේකම් ලේකම් කොට්ඨාස සහ ග්රාම නිලධාරී වසම් පිහිටුවන ලෙසට විවිධ පාර්ශවවලින් ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර 2012 දී සීමානිර්ණ කමිටුවක් පත් කළ ද එහි පැවැති අඩුපාඩු හේතුවෙන් එය ගැසට් කර නොමැති අතර එම නිසාම එය නිල වශයෙන් පිළිගෙන නැති බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් සීතල කාමරවල බෙල්ල හිරවෙන්න ටයිදාගෙන ඉන්න මන්ත්රීලා පස්සේ ගිහින් ටයිපොලු බැඳගෙන කුඹුරු කොටන්න... ලේකම්ලා, මහලේකම්ලා, අධ්යක්ෂක ජෙනරාල්ලා... තව රොත්තක්ම පත්වෙයි.
ග්රාම නිළධාරි වසම් පිහිටුවීමේදී සමහර ග්රාම නිළධාරි වසමක සිටින ජනතාවගේ තරමටම හෝ එයට වඩා නිවාස තිබෙන ග්රාම නිළධාරි වසම්ද තියෙනවා උදාහරණයකින් කියනවානම් එක් වසමක ළදරුවන් සමග මුළු ජනගහනය 500 ක් නම් තවත් වසමක ජනතාව පදිංචි නිවාසම 800 ක් පමණ තියෙනවා. ඒ අතර පැරණි ගම්වල තිබුන ගම්වල නමක්වත් නැති ආකාරයට වසම් නම්කර තියෙනවා. එයටත් උදාහරණයක් ලෙසට ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නමට වසමක් නැති පෙදෙසක් පෙන්වා දෙන්න පුළුවන්.