(අංජුල මහික වීරරත්න)
අධි සුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් පසුගිය නොවැම්බර් 30 සහ දෙසැම්බර් මස 5 මෙරටට පැමිණි සංචාරකයින් පිරිස නිසා වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව නොවැම්බර් මස 30 පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551ක් දෙනෙක් වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි බවද එදින වනජීවී දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් 6,219,560 ක් බව අමාත්‍යාංශය පවසයි.
දෙසැම්බර් 5 දින පැමිණි නෞකාවේ සිටි සංචාරකයින් 86 දෙනෙක් වාහන 18කින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇති අතර එමගින් ලද ආදායම 9,81,981ක් බව අමාත්‍යාංශය පවසයි.
විදේශීය සංචාරකයින් පැමිණෙන අවස්ථාවන් හිදී ඔවුන්ට යාල වනෝද්‍යානය නැරඹීම සඳහා ප්‍රවේශපත් නිකුත් කරන කවුළු වැඩි ප්‍රමාණයක් විවෘත කර තබන්නැයි අමාත්‍යවරයා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ. අරගොල්ලෝ ලෝකෙ වටේ රවුමක් ගහලා බුරියානි කාලා ඔය සල්ලි ඉවර කරනවා.
නැව් දෙකකින් යාලට ඩොලර් ඇදලාලු එහෙනම් වහාම මේගැන පරීක්ෂණයක් පවත්වා ඩොලර් ඇද්ද අයට දඬුවම් කලයුතුයි.
කුහක කම කියන්නේ මහින්ද හදපු හම්බන්තොට වරායට ආපු නැවි කියලා කියන්නේ නැහැ. ඒක සහ හයිවේ නැත්නම් එච්චර එන්නේ නැහැ