බ්‍රිතාන්‍යයෙන් හමුවුණු ‘එරිස් - ඊ.ජී.5’ ‘කොවිඞ් 19’ වයිරස ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාවට ද ව්‍යාප්ත වී තිබේ.

අලුතින් හමුවන ‘කොවිඞ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 17 ක් ‘එරිස් - ඊජී.5’ ආසාදිතයන් යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි.

‘එරිස් - ඊජී.5’ යනු කොවිඞ් 19 ‘ඔමික්‍රෝන්’ වයිරසයේ උප ප්‍රභේදයකි.

‘එරිස් - ඊ.ජී.5’ උප ප්‍රභේදය සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා තිබේ.

බ්‍රිතාන්‍ය විද්‍යාඥයන්, ‘එරිස් - ඊ.ජී.5’ උප ප්‍රභේදය ගැන අනතුරු ඇගවූයේ ඉකුත් සතියේය. ඒ, එය වයිරසය එරට වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟය.