(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
මහාචාර්ය චන්දන අබේරත්න,මහාචාර්ය උපාලි පන්නිලගේ,මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි,මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන,මහාචාර්ය අනිල් ජයන්ත ඔවුහුය.
ඊට අමතරව නීතිඥවරයෙක් ද,වෛද්‍යවරු දෙදෙනෙක්ද,ඉංජිනේරුවරයෙක්ද කැබිනට් මණ්ඩලයේ සිටිති.
නීතිඥ හර්ෂණ නානායක්කාර,වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ධම්මික පටබැඳි, ඉංජිනේරු කුමාර ජයකොඩි ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ ආණ්ඩුවලත් හිටියා ඔය වගේම... වැඩ තාම තියෙන්න ඕනෑ. රටක් මිස පාලනය කරන්න කැම්පස් එකක් නෙවෙයි. අශූ මාරසිංහ, තිස්ස විතාරණ, ඡන්න ජයසුමන, ජී.එල්. පීරිස්, චරිත හේරත්...
මතක් වෙනවා... මේ අවස්ථාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය චන්න ජයසුමන, ආචාර්ය රන්ජිත් බණ්ඩාර, දොස්තර සීතා අරඹේපොළ සහ තවත් ඒ වගේ අය ඕනෑතරම්. පට්ටම් වලින් වැඩක් වුනේ නම් නෑ...
කොයි රටකවත් මහාචාර්යලා විශ්ව විද්‍යාලවල මිසක් කැබිනට් ඇමැතිලා විදියට සාර්ථක වෙලා නෑ. දැක්කනේ ජී ඇල් පීරිස්, තිස්ස විතාරණ. පොතේ උගත්තු පාලකයෝ වුණාම රට හැදෙයි... කියන මිථ්‍යාවත් මෙතැනින් ඉවර වෙයි...
මෙතෙක් කල් පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන්නත් හිරිකිත කමක් තිබුණා. බහුතරයක් අපරාධකාරයෝ. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකත් කප්පම් නඩුවකින් වරදකරුවකු වුණු කෙනෙක්.
කෝ එතකොට ටිල්වින් සිල්වා ? එයාද නව කථානායකවරයා?
බහුජන සුභාය, බහුජන හිතාය... සියලුම ඇමැතිවරුන්ගේ ඒ ඒ වාහනයට අදාළ සුදුසුකම් දැම්මොත් හොඳයි නේද?
උගතුන් වියතුන් සිටින ඇමති මණ්ඩලයක් දැකීමත් සතුටක්. ඉස්සර දැක්කේ දූෂිත පවුල් පාලනේ සාටකයෝ, අට පාස් එවුන්, මිනිමරුවෝ,මැරයෝ. කුඩු කාරයෝ...
දූෂිත නායකයෝ යටතේ හිටපු මහාචාර්යවරු ගැන නම් කියලා වැඩක් නැහැ..නායකයා ට ගැළපෙන දූෂිතයෝ මිසක් ?..ජී.එල්.පීරිස් කියන්නේ එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් ගත්තු බලලෝබියා. ජනතාවාදී නායකයෙක් යටතේ රටට යහපතක් වෙනවාට කිසිම සැකයක් නැහැ...
ලංකාවට වැඩක් කරපු ලලිත් ගාමිණී කදිරගාමර් වගේ ඇමතිවරු කීර්තිමත් විදෙස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද්දවුන්. ලංකාවේ අධ්‍යාපනයෙන් බිහිවෙන ගොඩක් උගත්තු අර නලින් ද සිල්වා කිව්වා වගේ වැඩ බැරි පුහු අනුකාරක උගත්තු, පට්ටම විතරයි.
මේ සියලු දෙනා දැන් හිටපු මහාචාර්යවරු පමණයි - විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වූ පසු තවදුරටත් මහාචාර්ය නාමය ඔවුන් වෙනුවෙන් භාවිතා කිරීම වැරැදියි. ආචාර්ය උපාධිය තියෙන නිසා ඒ අය ආචාර්ය චන්දන අබේරත්න ආදී වශයෙන් හැඳින්වීමේ වරදක් නැහැ. මෙය ඉතිහාසය පුරාවටම කළ වැරැදි භාවිතයක්...