
(අංජුල මහික වීරරත්න)
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන රන්වල මහතා මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කොට මනාප ඡන්ද 109332ක් ලබා ගම්පහ ජාජබ මනාප ලැයිස්තුවේ හයවන ස්ථානයට පත් විය.
හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකුද වන අශෝක රන්වල මහතා ජෛව ජනන අර්ථ ශාස්ත්‍ර පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයාද විය.
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළ අශෝක රන්වල මහතා ජාතික ජන බලවේගය සමඟ ප්‍රබල ක්‍රියාකාරී දේශපාලනයක නිරත වූවෙකි.රන්වල මහතා බියගම ආසනයේ කේන්ද්‍ර කර ගනිමින් සිය දේශපාලන කටයුතු මෙහෙයවීය.
2025 දෙසැම්බර් මස 30
86
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නව කථානායක අශෝක රන්වල?
Lalla Wednesday, 20 November 2024 11:51 AM
නීතිඥයෙකුට හොඳට කළහැකි භූමිකාවක් නොවේද?
යෝගා Wednesday, 20 November 2024 12:36 PM
අයියෝ, ඛනිජ තෙල් සංස්ථාවේ කඩාකප්පල් වැඩ කරලා, පච වෙලා එළියට දාපු වෘත්තීය සමිතිකාරයෙක් ගෞරවනීය කථානායක තනතුරට පත්කරලා...
wimalWednesday, 20 November 2024 01:40 PM
ඒක නම් බොහෝම හොඳ කථාවක්, හැමදාම පාරෙන් හිටියේ හරස් කරගෙන, මොනවා නැතිවුණත් දැන් මනුෂ්‍යයින්ට ලංකාවේ පාරේ බැහැලා යන්න පුළුවන් වෙයි වර්ජන කොඩිවින නැතිව...!
sudath priyantha Wednesday, 20 November 2024 01:55 PM
නලින් හේවගේ පත් කරන්න කියමු. සියලු මන්ත්‍රීවරුන් ගානට හදලා ගනීවි.
ML0024DF0000655 Wednesday, 20 November 2024 02:08 PM
මෙයා මේකට ගිහිනුත් උද්ඝෝෂණ කරයිද දන්නේ නෑ..
PGPThilak Wednesday, 20 November 2024 03:28 PM
වෘත්තීය සමිති මාෆියාව මේ රට බංකොලොත් වෙලා හොම්බෙන් යන තැනට පත්වීමට මහජන දේපල කොල්ල කෑ දේශපාලුවන් තරම්ම වග කිවයුතු පිරිසක්! මෙයාත් ඒ මාෆියා කල්ලියේ ඉඳගෙන ලාබ දේශපාලනයේ නායකයෙක්... !!!
සෙනෙවිරත්න Wednesday, 20 November 2024 04:13 PM
හිතලු වලට කමන්ට් කරලා තමන්ගේ කුහකත්වය පෙන්වන්න එපා, ඔය ගොල්ලන් තමයි සහන්දිරම් විදේශ ඇමැති කලේ.