
(අජන්ත කුමාර අගලකඩ සහ ළහිරු හර්ෂණ)
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි.
නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු පමණ පත් කිරීමට නියමිත අතර ඉතිරි පිරිස තරුණ මන්ත්‍රීවරුන්ගෙන් පත් කෙරෙනු ඇත.
දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ද, ඩග්ලස් දේවානන්ද ධීවර අමත්‍ය ලෙසද, වෛද්‍ය රමේෂ් පතිරණ අධ්‍යාපන වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙසද, ප්‍රසන්න රණතුංග මහජන ආරක්ෂ, සංචාරක අමාත්‍ය ලෙසද, දිලුම් අමුණුගම ප්‍රවාහන,කර්මාන්ත අමාත්‍ය ලෙස ද, කනක හේරත් මහා මාර්ග අමාත්‍ය ලෙසද, විදුර වික්‍රමනායක කම්කරු අමාත්‍ය ලෙස ද, ජානක වක්කුඹුර කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ලෙසද, ශෙහාන් සේමසිංහ වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ලෙස ද,මොහාන් ප්‍රියදර්ශන ජල සම්පාදන අමාත්‍ය ලෙස ද,විමලවීර දිසානායක වනජීව හා වන සම්පත් සංරක්ෂණ ඇමැති ලෙස ද, කංචන විජේසේකර බලශක්ති හා විදුලිබල අමාත්‍ය ලෙස ද,තේනුක විදානගමගේ මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ලෙස ද, නාලක ගොඩහේවා ජනමාධ්‍ය අමාත්‍ය ලෙස ද, මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ලෙස ද, නසීර් අහමඩ් පරිසර අමාත්‍ය ලෙස ද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය ලෙ ද දිවුරුම් දුන්හ.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම ඉස්සරහට ගරු කියන්න කෑල්ල කොහෙන්ද ආවේ මෙයාලාට?
ශෙහාන් සේමසිංහට එයාගේ අනවසර හෝටලේ ඉදිකර ගන්න හැකියාව ලැබෙයි එහෙනම්...!
ඕක කොහොම ඇනුවත් කළත් අවසාන ප්‍රථිපලය එකයි. රට්ටුන්ට විජ්ජා පෙන්න පෙන්න ඉන්නවලා දෙගොල්ලෝම එකතුවෙලා..
ජනතාව අද වෙනකොට දුකට පත්කළ සියලු දෙනාට ඒ අපායෙන් ගැලවෙන්න බෑ.
එක දෙයක් පිළිබඳව බොහොම සතුටුයි. පොලොන්නරුවේ ජොගින් ට්‍රැක් කාරයා මෙතන නැහැ.
රාජ්‍ය අමැත්යවරු එහෙමමයි නේද? නියෝජ්‍ය අමාත්‍ය පස්සේ නේද?
තොලොංචි වෙයල්ලා... අපට එපා...
කවුද අලුත් අගමැති...?
ජනාධිපතිට රුවන්වැලිසෑය ඉදිරිපිට කරපු කතා අමතක වෙලා වගේ...
මේකද වෙනස? බූරුවා කූට්ටම අනලා, කූට්ටමේ ආසි හේරො නැහැ. ඔක්කොම බූරුවෝ, වෙනසක් නැහැ. රාජපක්ෂවරු නැත කියන්නේ මේක නෙවෙයි.
ධීවර ජනතාව අන්ත අසරණ කරපු කෙනෙක් විදුලි බලයට..
කඳ තරමටම මොළේ තියෙන ඇමැතිවරයෙක් මහජන ආරක්ෂක වශයෙන් පත්වීම අරගල සමයට ඉතා වැදගත් වේ. ජෝන්ස්ටන්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල වැනි කෙරුමන්ගේ කෙරුමෙන් අද අපි දුක් විඳිමු. තවදුරටත් චණ්ඩි සහ නූගත් චරිත මඟින් රට පාලනය කිරීමට ගන්නා උත්සාහයක් අපි දකින්නෙමු. එහි විපාක විඳිමින් තවදුරටත් ඒ තුළම ක්රියාකිරීමක් සිදුවෙමින් පවතියි.
දැන්නම් මණ්ඩලේ හොඳටෝම කචල්.
බඩගැන විතරක් හිතන කාලකණ්ණි හැමතැනම ඉන්නවා. අපි මෙයාලා ගමට ආවාම පිළිසඳරේ යෙදෙමු...
ගරු නෙවෙයි නිගරු...
අවුරුදු 2ක් ඇතුළත ‘සර්‘ තුන්වෙනි පාරටත් ෆේල්... රට මෙච්චර බංකොළොත් කරලා තවත් වලපල්ලට දාලා තමයි පස්ස බලන්නේ...
ජයවේවා...! ලංකාවේ බත්කන අය ඉදිරියේදීවත් ඉපදේවා...!
දැන් හොරුන්ට කියන අලුත් නම වෙන්න ඇති මේ ගරු කියන නම..!
ඇමැති මණ්ඩලය හොඳට අධ්‍යයනය කරපුවාම පේනවා හොඳට ගහන්න පුළුවන් අමාත්‍යාංශ ටික ඔක්කොම නැවතත් ලොකු බේබිගේ ගොට්ටන්ටම දීලා කියලා. ඒ කියන්නේ අවසාන මොහොතේදී පවා නැවත වතාවක් සල්ලි නැතත් මුදල් අච්චු ගසා හෝ ලොකු බේබිගේ කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් දී ගෙවීම් කරගෙන ලොකු බේබිට ගාන කපා ගන්න පුළුවන් කියන එකයි. තාත්තයි, බාප්පයි මෙච්චර රට හිඟමනටම වට්ටලා තියෙද්දිත් ශ්‍රී ලන්කන් එකට තව අලුතින් ප්ලේන් 21ක් මිලදී ගැනීමේ මහා මොලකරු වන ලොකු බේබිට අවශ්‍ය විදියට නැවතත් ඇමති මණ්ඩලය, බේබිලාට ආයිත් නම් නටන්න දෙන්නේ නැහැ... කියපු රණවිරුවාම පත් කරලා.
අකුලගෙන ගෙදර යන්න කියනකොට ඇමැති මණ්ඩලේ මාරු කරනවා.
රට දියුණු කල යුත්තේ නිලධාරීන් විසිනි. දේශපාලකයින් විසින් නොවේ. ඇමෙරිකාවේ අගමැති, විදේශ, මුදල්, ආරක්ෂක, අධ්‍යාපන ඇමති හෝ වෙන කිසියම්ම ඇමැති කෙනෙක් ගැන අසා තිබේද? අසා ඇත්තේ ලේකම්ලා ගැන පමණි. නිලධාරින් විසින් රට දියුණු කිරීම..., දේශපාලකයින් විසින් වැළැක්වීම හෝ ඔවුන් විදේශ ගතවීම හෝ එවැනි නිලධාරින් බිහිකිරීමට නිදහස් අධ්‍යාපනය අසමත් වීම යන දේ සිදුවී ඇත...
මරු බඩුටික... රටේ ඉතුරු ටිකත් ඉවර කරයි...
ගරු නෙමෙයි හොරු...
තෙල්මිල නැවතත් ඉහළ ගියා. රට පුරා තෙල් ගෑස් ඇතුළු පෝලිම් වැහි වැහැලා. බඩු මුට්ටු හා ආහාර ද්‍රව්‍ය ගිනි ගණන්. ඉන්ධන දෙන්නෙත් සීමා කරලා. රට ගෙනියන්න සල්ලි නැහැ. ලෝකෙට ණයවෙලා තියෙනවා මදිවට මේ තරම් ඇමැති මණ්ඩලයක් නඩත්තු කිරීමේ තේරුම කුමක්ද? රට පිටරට ණය ගෙවාගැනීමට බැරි තරමට පහත වැටිලා. අනේ මන්දා අපේ රටටත්, අපටත් ගිය කලක්....
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තුළසිටින හොඳම කණ්ඩායමද මේ...? කලින් සිටි තදින්ම ජනතා අප්‍රසාදයට පත්වූ පිරිසක් ඉවත්කර තිබුණත් මෙතැනත් බලාපොරොත්තු තැබිය හැකි අය නැති බවයි මට හිතෙන්නේ...
බැනලා විවේචනය කරලා වැඩක් නෑ. දැන් මොලේ මැරිලා... වාසියට විතරයි මොලේ වැඩ. ‘‘ගෝඨා ගෝ‘‘ ගමවල් රටපුරා හදමු. එකම විසඳුම ඒකයි...
ඔයාලා පත්කරපු අය තමයි මේ සහෝදරයා...! ගෝඨාට බනින්න කලින් ඔයාලා තමන්ටම බැනගන්න...!
තමන්ගේ ආසනයේ තනිව රවුමක් ගිහින් එන්න පුළුවන් කීප දෙනෙක් තෝරගත්තා නම් ප්‍රායෝගිකයි.
හොරෙන් ඉඩම් අල්ලන මිනිස්සුන්ට කප්පම් ඉල්ලා තර්ජනය කරන එක්කෙනා මහජන ආරක්ෂක ඇමැති... කවුද අප්පා සර්ට උපදෙස් දෙන්නේ..?
අන්න දැන් විදුරට මස් කෑල්ලක් කවලා ඔහුගේ කටත් වහගත්තා. ප්‍රමිත බණ්ඩාරගේ කටටත් දැන් ප්ලාස්ටරයක් අලවලා. මේකට තමයි මෙච්චර කල් ඔහු පසු පෙළ නියෝජනය කරමින් දැඟලුවේ. දැන් ඔහු ඉදිරි පෙළේ...!
විමලවීරව කැලෑවටම යවලා. එයාට හොඳ තැන. මඩවගුරක් දෙන්න වාහනයක් වෙනුවට...
අයින් කළ අයගේ පිනට ලැබිලා තියෙන ගේ දොර යාන වාහන ආරක්ෂකයින් හට කණ්ඩායම් වගේ වරප්‍රසාද නම් නැතිවෙන එකක් නැහැ.
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ... නසීර් නේද අර උත්සවයකදී හමුදාවේ කට්ටිය ඉන්නවා කියලා ප්‍රශ්නයක් ඇති කලේ..?
දැන් ඇති නේද ජනතාවට දුන්නු පීඩාව... දැන්වත් ඇමෙරිකාවට යන්න.
විකාර කියලා අපිට නම් පේනවා. ගැසට් ගහපු එකයි, රිවස් කරපු එකයි, ඇමතිවරු එහෙට මෙහෙට කරපු එකයි හැරෙන්න බලන් ගියාම කරපු දේකුත් නැහැ...
මොවුන් හට සොරකම් කිරිමට නොහැකි ලෙස නීති සම්පාදනය කළ යුතුයි. එසේම දඬුවම් දීය යුතුයි... නිතීයෙන් රිංගා යාමට ඉඩකඩ නොදීය යුතුයි.
දැන් ජනතාව තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මේ අය කෙලින්ම හමුවීමට යාම ආරම්භ කළ යුතුයි...!