
(අංජුල මහික වීරරත්න)
වයඹ ,උතුර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනා මීට සුළු මොහොතකට පෙර පත් කරන ලද බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර තිබේ.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පී.එම්.එස්. චාල්ස්,නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්තිල් තොණ්ඩමන් මහත්ම මහත්මීහු පත් කර සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙක් මැතිවරණ කොමිසමේ ඉඳන් ඡන්දය කල්දාන්න උදව් කළ කෙනෙක්..., අනික් අය දේශපාලන අනාථයින්, රනිල්ගේ රට හදන ප්ලෑන් එකනම් මරු...
මෙ මහත්මිය , අවුරුදු ගනනවක් මතිවරණ කොමිසමෙ ඉදල, මහජන දේපල විනාශ කලා නිකන් ඉදල, කොහොමහරි මතිවරනයක් එනකොට හැගුණ බොරුවක් දාල , ඔන්න දැන් රනිල් ගෙන් ගිෆ්ට් එකක් ලැබුන කල වැඩේට.
රනිල් වටිනා මිනිසුන් ගෙදර යවා...., දේශපාලන අනාථයන් රජ කරවති... රනිල්ගේ දේශපාලනය කණගාටුදායකය... කරන්නාගොඩ මහතා ගෙදර යවන්නේ ඇමෙරිකානු තානාපතිනිය සතුටු කිරීමටය. රනිල් පලවා හරිමු...
අබේවර්ධන වර්ෂාවක්... !
මේ නෝනා නම් නිකන් ඉඳලා පඩි ගත්තු කෙනෙක්... අනේ අපේ සල්ලි...!
මොවුන්ට කවුරු බලයට ආවත් තනතුරු, අහිංසක මිනිස්සුන්ට කන්නත් නෑ. මොවුන් සෙට් එකම ගෙදර යවන්න කාලය හරි...
දැන් මොවුන්ට යන වාහනවල ඉඳන් පෝච්චිය දක්වා අලුතෙන් අරන් දීලා ගෙවල් දොරවල් අලුත්වැඩියා කරන්න කෝටි ගණනක් මහජන ධනය වැය කරයි අරයා...
පළාත් සභා අහෝසි කිරීම මිස වෙනත් විකල්පයක් නැත. මේ පළාත් සභා කොතරම් භයානකද යන්න කිසිවෙකුට අවබෝධයක් නැති පළාත් සභාවේ ලැයිස්තුවත්, සමාගමේ ලැයිස්තුවත් කියවා බැලූවිට එය දැකගත හැකි වනු ඇත. පළාත් සභා යනු දේශපාලන න්‍යෂ්ටික බෝම්බයකි...
, පින් පඩි වරප්‍රසාද බුක්ති විදිනවා මිසක් ආණ්ඩුකාරවරුන් ගෙන් ඇති වැඩේ මොකක්ද ?