(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍ය මණ්ඩලය හෙට (19) දිනයේදී දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (18) පස්වරුවේ යැවීමට නියමිතව තිබුණත් එය මෙතෙක් ජනාධිපතිවරයාවෙත යවා නොමැති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය ලෙස පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය එක්සත් ජාතික පක්ෂය විසින් හෙට (19) දිනයේදී ජනාධිපතිවරයාවෙත යැවෙනු ඇතැයිද පැවැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංඩලෙ කචල්ද... ඔකත් යුරෝපා සංගමයට යවලා අනුමැතිය ගන්නවද දන්නෙත් නැහැ.
දිවුරුමටත් නින්දාවක් තනතුරු ලැබුණට පස්සේ හිතක් පපුවක් නැතුව ජනතාව ගසා කන කොට.
225 ම පොරකනවා ඇති මට අරක ඕනේ මට මේක ඕනේ කිය කියා. නැතිව ඔය රටට සේවය කිරීමට නොවෙයි.
කාට දුන්නත් රවිට නමි මුදල් ඇමතිකම දෙන්න එපා. එයා ඉල්ලන්නේ මුදල්මයි.
අමාත්‍ය මණ්ඩලය පත්කරගන්ට බැහැ. මොකද ගෙම්බන්ට අල්ලස් දෙන්ට ඕනෙනේ. කවුරුත් ගන්නේ නැතිව දෙමල සංධානේ එක්ක ආණ්ඩුවක් පිහිටෙව්වනම් රටේ වැඩ ටික හරි කෙරෙනවා.
ද්‍රවිඩ සන්ධානය රජයට සහයෝගය දුන්නාට රජයේ කොටස්කරුවන් නොවේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ස්ථිර බහුතරයක් සදා ගැනීම සඳහා පොහොට්ටුවෙන් හා ශ්‍රීලනිප යෙන් පිරිසක් රජයට ගෙන්වා ගැනීමට උත්සාහ කරන නිසා, ඒ අයට දීමට ඇමතිකම් ඉතුරු කර තබා ගැනීම මේ ප්‍රමාදයට හේතුවයි. මහින්ද මහතාගේ ආණ්ඩුව දිවුරුම් දුන් අවස්ථාවේදීත් ''මිලියන පන්සීයේ කෑලි'' වලට දෙන්න ඇමතිකම් ඉතුරු කරගෙන හිටියා මතකද ? මේකත් ඒ වගේම තමා .