
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය ගිලා බැසිමේ අවදානමක් හේතුවෙන අද සිට තාවකාලිකව වසා දමන බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
එම මාර්ගයේ මොහිණි ඇල්ල අසල මාර්ගය ඉරිතලා පුපුරා ගොස් ගිලා බැසිමේ අවධානමකට ලක් වි ඇති නිසා නල්ලත්නිය පොලිසිය සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
මාර්ගය ගිලා බැසිම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ නිරික්ෂණයට ලක් කර වාර්තාවක් ලබාදෙන තෙක් එම මාර්ගය තාවකාලිකව වසා දමන බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස සහකාර අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කිරිමැටිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ද ගිලා බැස ඇති බවත්, ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට එක් මංතිරුවක් පමණක් විවෘත කර ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.


2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නල්ලතන්නි පාර ගිලා බසී
සුරංග Sunday, 07 August 2022 04:53 PM
මස්කෙළිය - නල්ලතන්නිය මාර්ගය පමණක් නොවයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ හා මහනුවර දිස්ත්‍රික්කයේ සියලු මාර්ග ගිලා බැසීමේ අවදානමක් පවතින්නේ. ආපදාවක් වීමට මත්තෙන් මේ සියල්ල භූ විද්‍යා හා සමීක්ෂණ කාර්යාංශය මගින් නියාමනය කළ යුතුයි. නැත්නම් අපිට කඳුකර කලාපයක් නොමැතිවෙනවා.
sharm warn Monday, 08 August 2022 09:21 AM
කිසිම පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් නොකර සිදුකර ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති සහ ඒවායින් ගසාකාපු සියල්ලන්ම මේවට වගකිව යුතුයි.