
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිය පාර්ලිමේන්තු කථාව අතරතුරදී ඩයනා ගමගේ මන්ත්‍රීවරියට දිව දික් කරමින් අපහාස කළ බවද මෙලෙස අපහාස නො කළ යුතු බවද පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට කලිනුත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් මෙවැනිම චෝදනාවක් මතු වූ අතර එහිදී ක්‍රියා කළ අයුරින් මෙහිදීත් ක්‍රියා කළ යුතු බව හේරත් මහතා කීය.
සමන් ප්‍රිය හේරත් මහතා මෙම ප්‍රශ්නය මතු කිරීමත් සමග සභාවේ ඝෝෂා කාරී බවක් ඇති වූ අතර නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසූයේ මෙම කාරණය වරප්‍රසාද ප්‍රශ්නයක් යටතේ ගෙන එන ලෙස ඉල්ලා සිටින බවත් මේ ඒ ගැන කතා කිරීමට අවස්ථාව නොවන බවත්ය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
මේක රීති ප්‍රශ්නයක් නොවේ. මේ ප්‍රශ්නෙ මතු කරන්නේ මොන වගන්තිය යටතේ ද?
කෝකිලා ගුණවර්ධන මහත්මිය:-
මේ කාරණය පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. මේ වෙලාවේ කතා නොකරනවා නම් මොන වෙලාවෙද කතා කරන්නේ.

COMMENTS
මෙයාලට ගැලපෙන තැන් තියෙනවා, ඒවාට නොගිහින් රටේ උත්තරීතර තැනකට චන්දෙකින් ආවහම මෙහෙම දේවල් වෙනවා
මේ වට්ටි අම්මව එළවලාම දාන්න ඕනේ...
කෝ අර කාන්තා සංසද අරවා මේවා?
නලින් ආස ඇති දිව දික් කරන්න.
ගැහැණියෙක් ඉන්න ඕනේ තමන්ගේ ගෞරවය තියාගෙන, මෙයාලගේ මොන ගෞරවයක්ද රටම දැක්කනේ කටේ හැටි.
වරදක් කලාම ප්‍රශ්න කරන්න වගන්තියක් ඕන නම් එහෙම එකකුත් නැත්නම් මහදැනමුත්තගෙ ක්‍රමයට වගන්තියක් පොතේ ලියල වරදට දඩුවම් කරන්න එහෙම නැතුව වගන්ති බලමින් සිටීම තමයි මේ රටට වෙලා තියෙන පසුබෑමට හේතුවී තියෙන්නෙ මෙහෙම බැලුවම ඔහේලට වඩා මහදැනමුත්තගෙ ක්‍රමය හොදයි කියලා හිතෙනවා
දිව දික්කිරීම මොන ප්‍රශ්නයක්ද? මතක නැද්ද පොත් වලින් දමල ගහපු හැටි, පුටු වලින් දමල ගහපු හැටි.
මෙයා එන්ගලන්තෙ පුරවැසිකම ඇති ලන්කාවෙ පුරවැසිකම නැති හොරෙන් පාර්ලිමේන්තුවෙ ඉන්න තක්කඩිම කෙනෙක්.මෙයට දිව දික්කරල මදි නඩු දාල පාර්ලිමේන්තුවෙන් පන්නල දාන්න ඕන.මොකද මහජන මුදල් හොරෙන් පඩිගන්නෙ.
නලින් දිව දික්කරා විතරනේ.
ඕක කරල තියෙන්නෙ පුරැද්දට කෝහේ හරි මාමයිට් බෝතලයක් දැක්කොත් නිකම්ම දිව ඵලියට ඵනව.
මේ අමන රැඟුම් බලන්න පාසල් දරුවොත් මේකෙ හිටියද?
මෙයා දන්නෙ දිව දාන්න විතරයි.
මේ ගොල්ලෝ දිවෙන් වැඩ පෙන්වන මිනිස්සු. මේකට වෙනම ඉංග්‍රීසි නමක් තිබෙනවා...