කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගත්තේ යයි කියන සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල තත්ත්වය සම්බන්ධයෙන් මෙරට ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා දැනුවත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් අද (1) පස්වරුවේ තානාපතිවරයා සහ ඔහුගේ දෙවැනියා මුණ ගැසී එලෙස කරුණු දන්වා තිබේ.
පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය සාක්ෂි ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන්නැයි නිලධාරීන් ඉල්ලා සිටියද තානාපති කාර්යාලය එසේ නොකළ බවත් එම නිසා නොවැම්බර් 29 වැනිදා තානාපති කාර්යාලය පොලිසියට ලබාදුන් තොරතුරු අනුව විමර්ශනයක් සිදු නොකළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙහිදි නිලධාරිනිය වෙනුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් සාක්ෂි හා තොරතුරු සියල්ල ආදියද තානාපති හැන්ස්පීටර් මොක් මහතාට ඉදිරිපත් කර තිබෙන බවත් අදාළ පැහැර ගැනීම සිදු වූ බව කියන දිනයේ පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනියගේ ගමන් බිමන් යනාදි විස්තර ඒ තොරතුරු අතර පරස්පරතාවක් තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
සිදුවීම ඇසින් දුටුවන් සහ සී.සී.ටීවී දර්ශන, දුරකතන විස්තර යනාදි තාක්ෂණික තොරතුරු සැලකිල්ලට ගැනීමේදී අදාළ පරස්පරතාව පැන නැගී තිබෙන බව ද එහි දැක්වේ.
විමර්ශන කරන නිලධාරීන් ස්විස් තානාපති කාර්යාලයට දුන් ප්‍රතික්ෂේප කළ නොහැකි හා ස්ථීර සාක්ෂි අනුව සහ පැහැර ගැනීමක් යයි කියැවෙන සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා අදාළ නිලධාරිනියගෙන් සාක්ෂි ලබාගත යුතුව තිබෙන බව ද එමෙන්ම තවදුරටත් විමර්ශන කළ යුතුව තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
පැහැර ගැනීමේ සිදුවීමේදී තානාපති කාර්යාලයේ නිලධාරිනියට තුවාල සිදුව ඇතැයි කියන හෙයින් ඇය මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරියකුට ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතු යැයි පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධව පළවන තොරතුරු තහවුරු කිරීම සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ඉල්ලා ඇතැයි ද සඳහන් කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පරීක්ෂණයට සහයෝගය නොදෙනවා කියන්නේ පරීක්ෂණයට විනිවිද භාවයක් නොමැති වීමයි.
කරුණාකර මෙම සිද්ධිය පිලිබඳ සුවිස් තානාපති දැනුවත් කල සම්පුර්ණ වාර්තාව සියලු තානාපති නිලදාරීන් මගින් ලොව සියලු රාජ්‍යයන් දැනුවත් කරන්න. මෙම සිද්ධිය පිටපස්සේ කළු අත් කීපයක් හා නොපුහුණු වීදි නාට්‍යක් රංග දැක්වෙන හැඩයි.
දැන් නම් ඉතාම පැහැදිලියි මේක රඟපෑමක් බව. පොලිසියේ එක්කෙනා පැනපු එකත් මේකත් අතරේ ඉතා පැහැදිලි සම්බන්ධතාවයක් තිබෙන බව අපට දැන් තේරෙනවා. මේ වගේ කුමන්ත්‍රණ එජාප විරෝධි ආණ්ඩු වලට දිගින් දිගටම එනවා.
මේක දැන් කඩුව ගිල්ල එක වගේ. ස්විස් තානාපති කාර්යාලයට "ගෙදර ගියොත් අඹු නසී" සිද්ධියක් වෙලා. මේ වගේ වැඩ කරන තානාපති කාර්යාල වලට මෙහෙම වෙලා මදි.
මෙම තැනැත්තිය ලංකා පුරවැසියෙක් නම් මෙය මරණ තර්ජන පෙන්වා රටින් පැන ගැනීමේ උප්පරවැට්ටියක් වියහැක.
අප හිතනවා අප රටේ තරම් තමන් උපන් මව්බිම පාවාදෙන ජාතියක් මෙලොව කොහෙවත් නැතැයි කියා... තමන්ගේ පුද්ගලික සුකවිහරණය වෙනුවෙන් තමන් උපන් මාතෘභූමිය පාවාදීම තමා විසින් තම මව පාවාදුන්නා හා සමානය. වැඩි පිරිසක් අපගේ මෙම අදහස් වලට නම් විරුද්ධවනු ඇත නමුත් මෙහිදී අපගේ මතකය ගෙන යන්නේ ඊශ්‍රායලය හිටපු අගමැතිනියගේ ( ගෝල්ඩාමියර් ) ඊශ්‍රායල ක්‍රීඩකයන් ජර්මනියේ ඔලිම්පික් තරගයේදී මරා දැමු යුදොව් විරෝධීන් හබයාම. එලෙසම අපගේ මාතෘ බුමියට ද්‍රෝහිවු එම නිවටයන්ට කිසිලෙස ජිවිත ධානය නොදිය යුතුය.
ඔය කවුරුත් කරන්නේ ජනතාව මුලා කරන රඟ දැක්වීම්. ලෙමන් පෆ් උපවාසේ ඇතුළු අනිකුත් බොහෝ උපවාස , සයිටම් වෙඩි තැබීම, කුරුනෑගල සාෆි නාටකය, අම්පාරේ වඳ කොත්තු නාටකය, කොළඹ කොටුවේ ආබාදිත රණවිරු නාටකය, කැළණි පන්සලේ නාග නාටකය, ඕවා ඔක්කොම ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ස්ථාපිත ජනතාව රැවටීමේ ක්‍රමවේදයන්.
නාට්‍ය සන්දර්ශනයක්වත් හරියට කරගන්න බැරිතරමට බටහිර ගැත්තන් නොදියුණුද?
මෙය හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක් වගේ. මෙම තැනැත්තිය යම් හොර වැඩකට සම්බන්ධ නිසා එය අහුවීමට පෙර මෙසේ රඟ පෑවා වාගේ . ස්විස් තානාපති කරයලයත් මේකට හවුල්ද ? පරීක්ෂන කරන්නේ කොහොමද ඔවුන් සාක්ෂි හංගනකොට. බොරුව අහුවෙලා නිසා ලජ්ජාවට ඇතුලේ තියාගෙන ඇති. දැන් හොරෙන්ම රට යවයි. එතකොට නොවිසදුන පැමිනිල්ලක්නේ , ඕන බොරුවක් කියන්න පුළුවන්.
මේක යුඇන්පී කාරයන්ගේ ගේමක්
මෙවන් වූ නාටක බොහොමයක් ඉදිරියට බල ගැනීමට පුළුවන්. මෙවන් වූ නාටක රග දැක්වීම තුලින් අප රට වැනි තුන්වන ලෝකයේ රටවල් වලට බලපෑම් කිරීමටත්, ඒ වගේම සාක්ෂරතාව තිබුනත්, තනිව විශ්ලේෂණය කොට සත්‍ය තේරුම් ගැනීමට නොහැකි අවම ජනතාවක් සිටින හෙයින් ඔවුන්ව නොමග යවා ජන මතය ඔවුන්ගේ අභිමතාර්ථ මුදුන් පමුනවා ගැනීමටත් මෙවන් වූ ප්‍රයෝග බටහිර බලවේග සහ ඔවුනට බැදී දේශීය පක්ෂ විසින් සාර්ථක ක්‍රම වේදයක් ලෙස යොදා ගැනේ. ඒ තුලින් යම් ආකාරයක රටේ අස්ථාවර තත්වයක් පවතින බව රටින් පිටට පණිවිඩයක් ලෙස යවා, ඔවුනට හිතවත් නොමැති රජයට තම අභිමතාර්ථය පරිදි රට සහ කටයුතු කරගෙන යාමට නොහැකි කරවීම මෙහි තවත් අරමුණක්. මෙයට ප්‍රදාන හේතුව අප වැනි රටවල ස්වාදීන යයි සම්මත කිසිදු ආයතනයක් හෝ පුද්ගලයකු නොමැති වීමයි. ඒ තුලින් ඔවුන් ජනතාව තුල එක් එක් කොටස් ඔවුනට අවශ්‍ය එක් කෙළවරකට කොටු කර හෝ ඔවුනට අවශ්‍ය කෙලවරට කොටු කිරීම කරවනවා.
මම හොඳට දාන්න මගේ දෙමළ මිතුරෙක් හිටියා මම වැඩකරන තැන... මිනිහත් රට විකුණලා ජර්මන් වලට ගිහින් ඉඳලා ඊලාම් සටන නැවතුණාට පස්සේ ආපහු එන්න වුණා. දැන් කරකර හිටිය රස්සාවත් නෑ හොරකමකට මාට්ටු වෙලා. මාමණ්ඩිගේ පිහිටෙන් තමයි දැන් ළමයින්ට කන්න දෙන්නෙත්. නන්නත්තාර වෙලා ඉන්නේ බොරුවට රට පාවාදීලා...
සිද්ධියට මුහුණ පෑ කෙනා ඉදිරිපත් වෙන්නේ නැතිනම් මේ ගැන රජයට කිසිම වගකීමක් ගන්න බැහැනේ... ඒත් කවුද කලේ කියලා හොයාගත්තොත් හොඳයි.
ලංකාවේ තියන සමහර එම්බසි ලංකාවෙන් සේවයට ගන්නේ දෙමළ අය. මේ විදිහය වෙනස් වෙන්න ඕනෙ. සම්පුර්ණ වැරදි විස්තර සපයන්නේ රට ගැන මෙයාල තමයි. සිංහග අයට හොද රටකට විසා ගන්න අමාරු වෙන්නේ මෙයාල වගේ අය නිසයි. විදේශ රටකින් එම්බසියට සේවකයන් සපයන්නේ ඩයස් පොරා අන්තවාදීන් බව අමතක කරන්න එපා.
තානාපති කාර්යාලය වසාදමා තානාපතිවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් කෙරුවොත් නරකද?