
(සුජිත් හේවාජුලිගේ)
නව පරම්පරාවේ ප්රවණතා සහ කර්මාන්ත ක්ෂේත්රයේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සකසන බව අගමැතිනි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
ඇය මෙසේ පැවසුවේ. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ ව්‍යූහය සහ සහතිකකරණ ක්‍රියාවලිය සඳහා අදහස් හා නිර්දේශ ලබා දීමේ අරමුණින් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ පැවති සාකච්ඡාවකදීය
එම විෂය ධාරාව සංශෝධනය කිරීමේදී භාවිත කළ යුතු මූලික නිර්ණායක සහ ඒ හරහා උසස් අධ්‍යාපන ප්‍රවේශයට ඇති නව මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ක්‍රමවත්ව සැකසූ තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියක් ඔස්සේ එම විෂය ධාරාව හදාරන සිසුන්ට පිළිගත් වෘත්තීය ජීවිතයක් සඳහා අවශ්‍ය පදනම සැකසිය යුතු බව මෙහිදී අවධානය යොමුවිය
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ එම විෂය ධාරාවට වටිනාකමක් ඇතිවන පරිදි නිසි ක්‍රමවේදයකට සැකසූ තේරීම් ක්‍රියාවලියකට අනුව සිසුන් ඇතුළත් කර ගත යුතු බවයි. එමෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරමින් පාර්ශ්වික ඇතුළත් වීම් (Lateral Entry) ක්‍රියාවලියක්ද ඊට ඇතුළත් කළ යුතු බවද ඇය ප්‍රකාශ කළාය.
එමෙන්ම සමාජීය සහ ආර්ථිකමය වශයෙන් වෘත්තීය අධ්‍යාපනයේ ඇති වටිනාකම සහ ඒ ඔස්සේ ඉලක්කගත වන රැකියා ක්ෂේත්‍ර පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාව සම්බන්ධවද ඇය මෙහිදී අවධාරණය කළාය.
මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව,ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා මහතා ඇතුළු මහත්ම මහත්මීහු සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd