
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කය පුරා ඡන්ද මධ්‍යස්ථාන 735 සඳහා රාජ්‍ය නිලධාරීන් 9000 ක ප්‍රමාණයක් යොදවනු ඇතැයි කළුතර මහා දිසාපති සහ තේරීම් භාර නිලධාරී ජනක , කේ . ගුණවර්ධන මහතා පැවසීය.
එම මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළුව දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 4000 ක් පමණ යෙදවීමට නියමිතය.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 124 සඳහා රාජ්‍ය නිලධාරීන් 6000ක් යෙදවීම සඳහා අපි යුතු කරන බව තේරීම් බාර නිලධාරීවරයා පැවසීය.
මෙවර ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථාන වන කළුතර පස්දුන් රට විද්‍යා පීඨය , මියුසියස් විදුහල සහ තිස්ස විදුහල යොදවා තිබෙන අතර තිස්ස විදුහලේ කළුතර අගලවත්ත සහ බේරුවල ආසනවල ඡන්ද ගණන් කිරීමටද නියමිත බව තේරීම් බාර නිලධාරීවරයා කීය
තැපැල් ඡන්ද ගණන් කිරීම මියුසියස් විදුහලේ සිදු කිරීමට නියමිතව ඇතැයි තේරීම් බාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිලධාරීන් 9000 ක් කලුතර ඡන්ද රාජකාරියේ